spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තවත් වෙඩි තැබීමක්

අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාලකරු මේවන විට අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද සවස 6.30ට පමණ අවිස්සාවේල්ල තල්දූව මංසන්ධියේදී මුහුණු ආවරණය කළ පුද්ගලයන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

දෙපිරිසක් අතර කාලයක සිට පවතින ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බව පොලිසිය සැක කරනවා.

තුවාල ලබා ඇත්තේ තල්දූව ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.

අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.

මේ අතර අද උදෑසන බලපිටිය, රන්දොඹේ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු තුවාල ලැබුවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුළත්කර තිබෙනවා.

ඔහු අද (26) උදෑසන යතුරුපැදියකින් ගමන්කරමින් සිටිය දී මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරයට ලක් වූ නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ අතකට තුවාල සිදුව ඇති අතර, මේ වනවිට ඔහු ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් පසු නියෝජ්‍ය විදුහල්පතිවරයා යතුරුපැදිය නොනවත්වා අම්බලන්ගොඩ පොලිසිය වෙත ධාවනය කර තිබූ අතර, පොලිසිය අසල දී ඔහු යතුරුපැදියෙන් බිම වැටී තිබුණා.

අනතුරුව පොලිස් නිලධාරීන් විසින් ඔහුව කඩිනමින් රෝහල් ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර අම්බලන්ගොඩ ආඳාදොල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ලවුණා.

තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් තිබූ අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුවී තිබුණේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?