තවත් වෙඩි තැබීමක්

අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාලකරු මේවන විට අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද සවස 6.30ට පමණ අවිස්සාවේල්ල තල්දූව මංසන්ධියේදී මුහුණු ආවරණය කළ පුද්ගලයන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

දෙපිරිසක් අතර කාලයක සිට පවතින ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බව පොලිසිය සැක කරනවා.

තුවාල ලබා ඇත්තේ තල්දූව ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.

අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.

මේ අතර අද උදෑසන බලපිටිය, රන්දොඹේ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු තුවාල ලැබුවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුළත්කර තිබෙනවා.

ඔහු අද (26) උදෑසන යතුරුපැදියකින් ගමන්කරමින් සිටිය දී මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරයට ලක් වූ නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ අතකට තුවාල සිදුව ඇති අතර, මේ වනවිට ඔහු ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් පසු නියෝජ්‍ය විදුහල්පතිවරයා යතුරුපැදිය නොනවත්වා අම්බලන්ගොඩ පොලිසිය වෙත ධාවනය කර තිබූ අතර, පොලිසිය අසල දී ඔහු යතුරුපැදියෙන් බිම වැටී තිබුණා.

අනතුරුව පොලිස් නිලධාරීන් විසින් ඔහුව කඩිනමින් රෝහල් ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර අම්බලන්ගොඩ ආඳාදොල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ලවුණා.

තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් තිබූ අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුවී තිබුණේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46
Video thumbnail
චතුරංග ජනතාවගෙන් සමාව ගයි - බලාපොරොත්තු වෙච්ච හැමදේම දෙන්න බැරිවුණාට සමාවෙන්න
05:33
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06