තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ලබන 7 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ රුපියල් මිලියන එක් ලක්ෂ 45,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි .

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.