තවත් බිත්තර මිලියනයකට අනුමැතිය

ඉන්දියාවෙන් ආනයනය කරන ලද තවත් බිත්තර මිලියනයක් සඳහා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සඳහන් කළේ, අදාළ බිත්තර තොගය අද (13) පස්වරුවේ බේකරි නිෂ්පාදකයින් සහ මහා පරිමාණ හෝටල් සඳහා නිකුත් කිරීම ආරම්භ කළ බවයි.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද තුන්වන බිත්තර තොගය මෙය වන අතර, බිත්තර හිඟයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වුණා.

මෙම බිත්තර මිලියනයක තොගයක් පසුගියදා මෙරටට අනයනය කළ අතර ඒවා වරායෙන් නිදහස් කරගැනීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබුණා.

එම දෙපාර්තමේන්තුව විසින් පසුගිය සෙනසුරාදා දින අදාළ බිත්තර තොගයේ සාම්පල ලබාගෙන තිබූ අතර ඊයේ දිනය වනතෙක් ඒවා වරායෙන් නිදහස් කරගැනීම සඳහා සෞඛ්‍ය සහතිකය නිකුත් කර තිබුනේ නැහැ.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවේ එම බිත්තර තොගයේ සෞඛ්‍ය සහතිකය අද නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

පසුගිය කාලය තුළ රටේ පැවති බිත්තර හිඟයට විසඳුමක් ලෙස රජය විසින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පියවර ගනු ලැබුවා.

ඒ යටතේ බිත්තර මිලියන 4කට ආසන්න තොගයක් මේ වනවිට ආනයනය කර ඇති අතර ඒවා හෝටල් සහ බේකරි කර්මාන්ත අතර බෙදාහැරීම සිදු කෙරෙනවා.

ඒ අනුව පසුගිය සතියේ ගෙන්වූ බිත්තර තොගය ද හෝටල් සහ බේකරි කර්මාන්ත අතර බෙදාහැරිමට නියමිත අතර ඒ සඳහා ද මේ වනවිට ඇනවුම් බොහෝමයක් ඉදිරිපත් වී ඇති බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේ.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා වැඩිදුරටත් පැවසුවේ එමෙන්ම ඉදිරි දිනවලදීත් රටේ පවතින බිත්තර හිඟයට පිළියම් ලෙස තවත් බිත්තර ආනයනය කිරීමට කටයුතු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31