තවත් ගැබිනි කාන්තාවක් කොවිඩ් වැලඳී මරුට

තවත් ගැබිනි කාන්තාවක් කොවිඩ් -19 වැලඳී මියගිය බව සෞඛ්‍ය අංශ පවසති.

ඇය කොවිඩ් ආසාදිතව මියගිය මෙරට 7වැනි ගර්භණි කාන්තාව වේ. ඇය ඊයේ (01) කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගිය බව විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.   

මේ අතර ගැබිනි කාන්තාවන් සදහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ වන විට සැලසුම් කර තිබේ.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ඔවුන්ට ලබාදීමට නියමිත බවයි මාතෘ හා ළමා සෞඛ්‍ය  අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවය.

මේ වන විට කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ගර්භනී කාන්තාවන් 07 දෙනෙකු මියගොස් ඇති බව ද ඇය කීවාය.

මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පැවසුවේ…

“දැනට අපි චක්‍රලේඛය සකස් කරමින් සිටිනවා එන්නත්කරණය ගර්භණී මව්වරුන්ට ආරම්භ කිරීමට. අපි සැලසුම් කරලා තියෙන්නේ, සංකූලතාවයන් තියෙන මව්වරුන්ට තමයි අපි ප්‍රමුඛතාවයක් දීලා එන්නත් කටයුතු කරන්නේ. දැනට මාතෘ මරණ 7ක් වාර්තා වෙලා තියෙනවා කොවිඩ් ආසාදනය හේතුවෙන්. ඊයේ තමයි අවසන් මරණය සිදුවුණේ කළුබෝවිල රෝහලේ දී“.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28