තවත් ඉන්දියන් බිත්තර තොගයක් සතොසට

බිත්තර මිලියන 7 ක තොගයක් මෙම වසරේ මෙරටට ඇනවුම් කර ඇති අතර එහි පළමු තොගය මෙරටට ලැබී තිබෙනවා.

එළඹෙන සතිය ආරම්භයේදී එම බිත්තර සතොස වෙත බෙදා හැරීමට කටයුතු කරන බව එහි සභාපති ආසිරි වලිසුන්දර පැවසීය.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරික්ෂාවලින් අනතුරුව සතොස වෙත බෙදා හැරිමට නියමිතයි.තවත් බිත්තර මිලියන 10 ක් මෙම සතියේ සඳහා ඇනවුම් භාරදී ඇති බව ඔහු පැවසීය.