Update – තලාව බස් අනතුරින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් අද (10) දහවල් සිදු වූ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනතුරින් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කළ පාසල් සිසුවෙක් බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම අනතුරින් තවත් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන් තලාව සහ අනුරාධපුර රෝහල්වෙත ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

Update – Monday, November 10, 2025, 2.28 PM

==========================================

අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් අද (10) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

තලාව සිට හිරුගොල්ලාගම බලා ධවනය වූ පුද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අනතුරින් තුවාල ලැබූ පිරිස තලාව සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම අනතුරින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් අතර සාමාන්‍යපෙළ සම්මන්ත්‍රණයකට ගොස් නැවත පැමිණෙමින් සිටි සිසුන් පිරිසක් ද සිටින බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57