තලතා අතුකෝරළට තනතුරක්

ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය පත් කර තිබෙනවා.

ඇය ‍සභාපති ධූරයට පත්වූයේ ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී, මංජුලා දිසානායක සහ මුදිතා ප්‍රිශාන්ති යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ යෝජනා ස්ථිරත්වයෙන්.

මෙම කාරක සභාවට කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යන ආයතන කැඳවීමේ බලය හිමි බවට ද මෙහිදි අනාවරණය වුණා.

මෙම රැස්වීමට රෝහිණි කුමාරි විජේරත්න, මුදිතා ප්‍රිශාන්ති, රාජිකා වික්‍රමසිංහ, ඩී.වීරසිංහ, මංජුලා දිසානායක, ආචාර්ය හරිනි අමරසූරිය, ජගත් සමරවික්‍රම සහ මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්ම මහත්මීන් සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16