තරුණ නිපුණතා සංවර්ධනයට සහ අධ්‍යාපනයට ජපාන සහාය

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජපානයේ පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී තිබෙනවා.

ඒ අරලියගහ මන්දිරයේදීයි.

දූත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ යටිතල පහසුකම් සංවර්ධනය, බලශක්තිය, දුම්රිය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ තරුණ නිපුණතා සංවර්ධනය වැනි ක්ෂේත්‍ර රැසකට ජපානය නිරතුරුව ශ්‍රී ලංකාවට සහය ලබාදී ඇති බවයි.

ජපානය ශ්‍රී ලංකාවේ සමීපත ම මිතුරෙකු වන අතර කඩිනම් සංවර්ධනය සඳහා තවදුරටත් ආධාර ලබාදෙන බව නිල සංවර්ධන සහය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී නකානිෂි යුසුකේ ප්‍රකාශ කළා.

ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඇති හැකියාව ගැන සඳහන් කරමින්, ජපානයට තරුණ නිපුණතා සංවර්ධන සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා සහය විය හැකි බවද ඔහු සඳහන් කළා.

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වැඩි වශයෙන් ජපන් භාෂාව හදාරන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

දූත පිරිසට ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන Imai Eriko සහ Ozawa Masahito, ජපාන තානාපති Mizukoshi Hideaki සහ පාර්ලිමේන්තු ස්ථාවර කමිටුවේ ප්‍රධාන පර්යේෂණ නිලධාරී, Mingawa Kenichi ඇතුළත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34