spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තරුණ තරුණියන්ට අද සිට ඩිජිටල් හැඳුනුම්පත

වයස අවුරුදු 15ට වැඩි 29ට අඩු සියලු තරුණ තරුණියන්ට ඩිජිටල් හැදුනුම්පතක් හදුන්වා දීම අද සිදු කෙරෙනවා.

ජාත්‍යන්තර පිලිගැනීමට ලක් වූ බ්ලොක් චෙයින් තාක්ෂණය උපයෝගී කරගත් තොරතුරු තාක්ෂණ මෙවලමක් භාවිත කරමින් මෙම හැදුනුම්පත සකස්කර ඇති බවයි ජාතික තරුණ සේවා සභාව සඳහන් කළේ.

මෙහි තරුණයන්ගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් හා වෙනත් සුදුසුකම් ඇතුළත් දත්ත බැංකුවක් ලෙස භාවිත කිරීමේ හැකියාවක් පවතින අතර, සේවා යෝජකයන්ට සුදුසුකම් ලත් තරුණ තරුණියන් රැකියා සඳහා පහසුවෙන් බඳවාගැනීම් සිදු කිරීමට මේ හරහා හැකියාව ලැබෙනවා.

අද නිල වශයෙන් හඳුන්වාදෙන මෙම හැඳුනුම්පත ජාතික තරුණ සේවා සභාව හරහා ඉදිරියේ දී ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
103
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?