spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තරුණියක් සමූහ දුෂණය කළ 3ක් අත්අඩංගුවට

පානදුර දකුණ ප්‍රදේශයේදී තරුණියක් කාන්තාවක් සමූහ දූෂණයට ලක් කළ බව කියන සැකකරුවන් තුන් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලොරි රථයක ගමන් ගත් පුද්ගලයින් මෙම තරුණිය නිවසට ඇරලවන මුවාවෙන් ලොරියේ නංවාගෙන රැගෙන ගොස් මෙම අපරාදය සිදු කර තිබූ බවටයි හෙළිවී ඇත්තේ.

තරුණිය විසින් කරන ලද පැමිණිල්ලට අනුව එම පුද්ගලයින් ඇයව වාද්දුව ප්‍රදේශයේ පාළු ස්ථානයකට රැගෙන ගොස්උ ගෙලට තියුණු ආයුධයක් තබා සමූහ දූෂණයට ලක් කර ඇතැයි සඳහන්.

පසුගිය 3 වැනිදා රාත්‍රි පානදුර නගරයේ වෙළෙඳසැලක සේවය කර නිවසට පැමිණෙමින් සිටියදී ඇය මෙම සිද්ධියට මුහුණ දුන් බව ඇය පැමිණිල මගින් ප්‍රකාශ කර තිබෙනවා.

පානදුර දකුණ පොලිසියේ නිලධාරීන් විසින් CCTV දර්ශන 100කට අධික ප්‍රමාණයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් පානදුර, අරුක්ගොඩ සහ එගොඩඋයන ප්‍රදේශවල පදිංචි අවුරුදු 45, 24 සහ 23 යන වයස්වල පසුවන්නන් බවට හඳුනාගෙන තිබෙනවා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?