තරුණියක් සමූහ දුෂණය කළ 3ක් අත්අඩංගුවට

පානදුර දකුණ ප්‍රදේශයේදී තරුණියක් කාන්තාවක් සමූහ දූෂණයට ලක් කළ බව කියන සැකකරුවන් තුන් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලොරි රථයක ගමන් ගත් පුද්ගලයින් මෙම තරුණිය නිවසට ඇරලවන මුවාවෙන් ලොරියේ නංවාගෙන රැගෙන ගොස් මෙම අපරාදය සිදු කර තිබූ බවටයි හෙළිවී ඇත්තේ.

තරුණිය විසින් කරන ලද පැමිණිල්ලට අනුව එම පුද්ගලයින් ඇයව වාද්දුව ප්‍රදේශයේ පාළු ස්ථානයකට රැගෙන ගොස්උ ගෙලට තියුණු ආයුධයක් තබා සමූහ දූෂණයට ලක් කර ඇතැයි සඳහන්.

පසුගිය 3 වැනිදා රාත්‍රි පානදුර නගරයේ වෙළෙඳසැලක සේවය කර නිවසට පැමිණෙමින් සිටියදී ඇය මෙම සිද්ධියට මුහුණ දුන් බව ඇය පැමිණිල මගින් ප්‍රකාශ කර තිබෙනවා.

පානදුර දකුණ පොලිසියේ නිලධාරීන් විසින් CCTV දර්ශන 100කට අධික ප්‍රමාණයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් පානදුර, අරුක්ගොඩ සහ එගොඩඋයන ප්‍රදේශවල පදිංචි අවුරුදු 45, 24 සහ 23 යන වයස්වල පසුවන්නන් බවට හඳුනාගෙන තිබෙනවා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56