spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාතිය වෙනුවෙන් වගකීම් ඉටුකළ මොරොක්කෝ පාපන්දු කණ්ඩායම

පුද්ගලයින් දෙදෙහසකට අධික සංඛ්‍යාවකට ජීවිත අහිමිකරමින් පසුගිය 08 වනදා රාත්‍රියේ මධ්‍යම මොරොක්කෝවේ රිච්ටර් මාපකයේ 6.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුවුණා.

මෙම භූකම්පනයෙන් මෙතක් වාර්තාවන මරණ සංඛ්‍යාව 2,012ක් බවයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ.

තවත් විශාල පිරිසක් මෙම ව්‍යසනයෙන් තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය ලේ ලබාදීමට මොරොක්කෝ ජාතිකයින් විශාල පිරිසක් ඉදිරිපත්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙලෙස ඉදිරිපත් වූ පිරිස අතර මොරොක්කෝ ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල පිරිස් ද එක්ව සිටි බවයි වාර්තා වුණේ.

මේ අතර මොරොක්කෝ පාපන්දු කණ්ඩායම ඊයේ (09) දිනයේ දී ලයිබීරියාවට එරෙහිව අප්‍රිකානු ශූරතාවයට සුදුසුකම් ලැබීමේ තරගයක් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියා.

තම රටට බලපෑ මෙම අවාසනාවන්ත තත්ත්වයත් සමඟ තරඟය අවලංගු කිරීමට මොරොක්කෝ කණ්ඩායම පියවර ගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

එලෙස තරගය අවලංගු කර පැමිණි ක්‍රීඩකයින් ජාතියේ වගකීමක් ලෙස සලකා මෙලෙස ලේ දන්දීමට කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
1
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?