ජාතිය වෙනුවෙන් වගකීම් ඉටුකළ මොරොක්කෝ පාපන්දු කණ්ඩායම

පුද්ගලයින් දෙදෙහසකට අධික සංඛ්‍යාවකට ජීවිත අහිමිකරමින් පසුගිය 08 වනදා රාත්‍රියේ මධ්‍යම මොරොක්කෝවේ රිච්ටර් මාපකයේ 6.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුවුණා.

මෙම භූකම්පනයෙන් මෙතක් වාර්තාවන මරණ සංඛ්‍යාව 2,012ක් බවයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ.

තවත් විශාල පිරිසක් මෙම ව්‍යසනයෙන් තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය ලේ ලබාදීමට මොරොක්කෝ ජාතිකයින් විශාල පිරිසක් ඉදිරිපත්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙලෙස ඉදිරිපත් වූ පිරිස අතර මොරොක්කෝ ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල පිරිස් ද එක්ව සිටි බවයි වාර්තා වුණේ.

මේ අතර මොරොක්කෝ පාපන්දු කණ්ඩායම ඊයේ (09) දිනයේ දී ලයිබීරියාවට එරෙහිව අප්‍රිකානු ශූරතාවයට සුදුසුකම් ලැබීමේ තරගයක් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියා.

තම රටට බලපෑ මෙම අවාසනාවන්ත තත්ත්වයත් සමඟ තරඟය අවලංගු කිරීමට මොරොක්කෝ කණ්ඩායම පියවර ගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

එලෙස තරගය අවලංගු කර පැමිණි ක්‍රීඩකයින් ජාතියේ වගකීමක් ලෙස සලකා මෙලෙස ලේ දන්දීමට කටයුතු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41
Video thumbnail
රාජපක්ෂලාට බෝධි පූජා කරන්නත් තහනම් කරන්න යන්නේ ?ඕකට විරෝධයක් පල කරන්න ඕනි
02:57
Video thumbnail
නාමල්ට සෙත්පතා දෙවිනුවර රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ආශිර්වාද පූජාව - සාගර, ලක්ෂ්මන් සෙට් එකම එයි
04:44
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06