තරගය අතර මැද පිටියෙන් ඉවත්ව ගිය අල්සාරි ජෝසප්ට තරග තහනමක් (වීඩියෝ)

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝසප්ට තරග දෙකක තහනමක් පනවා තිබෙනවා.

කොදෙව් නායක ෂායි හෝප් සමඟ පිටිය මැදදී ඇති වූ මතභේදයක් හේතුවෙන් එංගලන්තයට එරෙහි තුන්වන එක්දින තරගය අතර තුර අනවසරයෙන් පිටියෙන් ඉවත් වුණා.

ඒ, හේතුවෙනුයි ඔහුට මෙම තරග තහනම පනවා ඇත්තේ.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසුව ජෝසප් ප්‍රසිද්ධියේ කණ්ඩායමේ නායකයාගෙන් සහ අනෙකුත් සගයන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඇය ද සිටියා.

එංගලන්ත ඉනිමේ සිව්වන පන්දුවාරය අතරතුර, ජෝසප් පිටියේ ක්‍රීඩකයින් ස්ථානගත කිරීම ගැන නොසතුටට පත් වූ ආකාරය දැකගත හැකි වුණා.

කෙසේ වෙතත් එම පන්දුවාරයේ දී අල්සාරි ජෝසප්, ජෝර්ඩන් කොක්ස්ගේ කඩුල්ල දවාගැනීමට හැකි වූ අතර, එහිදී ඔහු සිය සඟයන් සමගින් කඩුලු සැමරුමට එක් වූයේ නැහැ.

එහිදී ඔහු සිදු කළේ පන්දුවාරය යවා අවසන්ව නායකයාට නොකියා පිටියෙන් ඉවත්ව යෑමයි.

මෙම තත්ත්වයත් සමඟ පස්වැනි ඕවරය ආරම්භ කිරීමට බටහිර ඉන්දීය කොදෙව්වන්ට සිදු වූයේ පිටියේ පන්දු රකින්නන් දස දෙනෙකු පමණක් රැඳී සිටින අවස්ථාවකදීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14