spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තරගයේ තීරණය වෙනස්වීමට තිබූ කරුණක් මහීෂ් හෙළිකරයි

විස්සයි විස්ස තරගාවලිය පරාජයට පත් වුවත් සිදුවූ වැරදි අඩු පාඩුවලට වඩා කණ්ඩායම තුළ ගොඩ නැඟුණු ධනාත්මක කරුණු සම්බන්ධයෙන් අවදානය යොමුකරන බව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසනවා.

නවසීලන්තය සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය අවසන්වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මහීෂ් මේ බව සඳහන් කළා.

නවසීලන්ත ඉනිමේ මැද පන්දුවාර තුළ පන්දු යවන්නන් තවත් හොඳට පන්දුයැවීම සිදුකළා නම් තරගයේ තීරණය මීට වඩා වෙනස්වීමට තිබූ බවයි ඔහු මෙහිදී පැවසුවේ.

එමෙන්ම අංශ තුනෙන්ම සිදු වූ සුළු සුළු අඩුපාඩු හේතුවෙන් තරගය පරාජයට පත්වීමට සිදු වූ බවයි මහීෂ් තීක්ෂණ මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් සඳහන් කළේ.

නවසීලන්ත සමඟ පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකාව පරාජයට පත් වුණේ දෙරට අතර අද පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය නවසීලන්තය ජය ගැනීමත් සමඟයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?