spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තම රටේ ප්‍රාථමික සෞඛ්‍ය ගොඩගන්න රටවල් 70ක් අත්වැල් බැඳ ගනියි

සෑම රටක ම පාහේ ප්‍රාථමික මට්ටමේ සිට සෞඛ්‍ය ආරක්ෂණ ආයෝජනය පුළුල් කර, සංවර්ධනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සැලසුම් සකස් කර තිබෙනවා.

එම වැඩසටහනට සහයෝගය පළ කරමින් රටවල් 70ක් සිය එකඟතාව ඊට ලබාදිය ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ දී විශ්ව සෞඛ්‍ය ආවරණය (UHC) පිළිබඳ ව ලෝක නායකයින් රැස් වූ අවස්ථාවේ දි යි මේ බව අවධානයට යොමු කෙරුණේ.

2030 වර්ෂය වන විට ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ ආයෝජන වේගවත් කිරීමටයි මෙම රටවල් 70 ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක් ව තීරණයට එළඹ ඇත්තේ.

මෙම සමුළුවේ දී ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ ඒවා භාවිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා.

මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය Alma-Ata ප්‍රකාශනයේ 45 වැනි සංවත්සරය සහ ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණය පිළිබඳ Astana ප්‍රකාශනයේ 5 වැනි සංවත්සරය ලෙසටයි ඉතිහාසගත වන්නේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට කැමති සෞඛ්‍ය විද්වතුන් 600කට අධික පිරිසක් මීට එක් වූයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා (PHC) ප්‍රකාශනයේ උපන් ස්ථානය වන කසකස්තානයේ දි යි.

මීට කසකස්තාන රජය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයත් (WHO) UNICEF විසින් සම සත්කාරකත්වය දරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?