තම රටේ ප්‍රාථමික සෞඛ්‍ය ගොඩගන්න රටවල් 70ක් අත්වැල් බැඳ ගනියි

සෑම රටක ම පාහේ ප්‍රාථමික මට්ටමේ සිට සෞඛ්‍ය ආරක්ෂණ ආයෝජනය පුළුල් කර, සංවර්ධනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සැලසුම් සකස් කර තිබෙනවා.

එම වැඩසටහනට සහයෝගය පළ කරමින් රටවල් 70ක් සිය එකඟතාව ඊට ලබාදිය ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ දී විශ්ව සෞඛ්‍ය ආවරණය (UHC) පිළිබඳ ව ලෝක නායකයින් රැස් වූ අවස්ථාවේ දි යි මේ බව අවධානයට යොමු කෙරුණේ.

2030 වර්ෂය වන විට ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ ආයෝජන වේගවත් කිරීමටයි මෙම රටවල් 70 ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක් ව තීරණයට එළඹ ඇත්තේ.

මෙම සමුළුවේ දී ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ ඒවා භාවිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා.

මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය Alma-Ata ප්‍රකාශනයේ 45 වැනි සංවත්සරය සහ ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණය පිළිබඳ Astana ප්‍රකාශනයේ 5 වැනි සංවත්සරය ලෙසටයි ඉතිහාසගත වන්නේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට කැමති සෞඛ්‍ය විද්වතුන් 600කට අධික පිරිසක් මීට එක් වූයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා (PHC) ප්‍රකාශනයේ උපන් ස්ථානය වන කසකස්තානයේ දි යි.

මීට කසකස්තාන රජය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයත් (WHO) UNICEF විසින් සම සත්කාරකත්වය දරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18