තම බිරිඳට භූමිතෙල් හලා මැරූ නරුම සැමියා

26 හැවිරිදි තුවාන් අනුෂ්ට සහ 16 හැවිරිදි සිත්ති නිසාර් අතර ඇති වූ ආදර සබදතාව කෙළවර වුයේ විවාහයෙනි.
වසර දෙකකට ආසන්න කාලයක් ඉතා සතුටින් පවුල් කෑ අනුෂ්ටත් සිත්ති නිසාර්ටත් පුංචි දරු පැටවෙකුද ලැබුණේ ආදර කැදැල්ල තවත් එළිය කරමිණි. අනුෂ් ලේවායේ වැඩට වගේම විවිධ කුලී වැඩටද ගොස් උපයාගත් මුදලින් පවුල් ජීවිතය නඩත්තු කරගෙන ගියද, වැඩි කල් දෙදෙනාට සතුටින් පවුල් කෑමට නොහැකි විය.  ඊට ප්‍රධාන හේතුව වූයේ නිවසේ වූ මුදල් හදල් අගහිඟකම්ය. මෙය කොතරම් දුරදිග ගියේද කියතොත් සතුටින් ගෙවූ පවුල් ජීවිතය දෙදෙනාටම මහා අපායක් බවට පත් විය. නිතර දෙදෙනා අතර ආරවුල් රණ්ඩු වැඩි විය. මේ දෙදෙනාගේ නිවසට පිටු පසින් පිහිටි නිවසේ ජීවත් වූයේ සිත්ති නිසාර්ගේ පුංචි අම්මා වූ සිත්ති යසීරාය.  අනුෂ්ගෙත් සිත්තිගේත් රණ්ඩු නිතර බේරීමට සිදුවූයේ යසීරාටය. දිගින් දිගටම දෙදෙනා අතර පවුල් ආරවුල් ගුටි කෙළි සිදු වෙද්දී යසීරාද ඒ දෙස නොබලා සිටීමට වග බලා ගත්තේ දෙදෙනාට කොතරම් අවවාද උපදෙස් දුන්නත් ඒවා කිසිදු පලක් නොවූ නිසාය.  

දිනය 2004.04.08 ය. වේලාව රාත්‍රි 9.00ට පමණය. අසල නිවසේ වූ යසීරාට සිත්ති හා අනුෂ් ගේ නිවස දෙසින් මහා රණ්ඩුවක් ඇසුණි. දෙදෙනා සුපුරුදු පරිදි රණ්ඩු වෙන බව දුටු යසීරා එය එතරම් කණකට නොගෙන පාඩුවේ සිටියේය. එහෙත් එදින ඇයටද මේ රණ්ඩුව දෙස බලා සිටිය නොහැකිය. යසීරා නිවසින් එළියට බැස්සේ සිත්තිගේ නිවස දෙසට යන්නය. ඒ වන විට සිත්තිගේ කෑ ගැසිම අඩු වීය. 

නිවස දෙසින් පුළුටු ගඳක්ද යසීරාට වහනය වීය. අඩි ඉක්මන් කළ ඒ දෙසට ගිය යසීරාට දැකගත හැකි වූයේ ඇස් අදහාගත නොහැකි දෙයකි. සිත්ති පිළිස්සුම් තුවාල සහිතව කෙදිරි ගාමින් බිම වැටී සිටියාය. “මොකද්ද දරුවෝ මේ කරගත්ත අපරාදේ’’ කියා යසීරා බිම වැටී සිටි සිත්තිගෙන් විමසුවාය. 

එහිදී බිම වැටී සිටි සිත්ති “මට අනූ….අනූ….’’ කියා පමණක් යසීරාට වචන මිමිනුවාය. ඒ වන විටත් සිත්තිගේ සැමියා වූ අනුෂ් ඒ අසල කාමරයේ වීය. සිත්ති බරපතළ තුවාල ලබා සිටි නිසා වහා ක්‍රියාත්මක වූ යසීරා සිත්තිගේ සැමියාගේද උදව් ඇතිව ත්‍රිරෝද රථයකින් හම්බන්තොට රෝහලට ඇය ඇතුළත් කළාය. 

ඇයගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් මූලික ප්‍රතිකාර පමණක් ලබා දීමෙන් පසු තුවාල කාරිය ගිලන් රථයකින් මාතර මහ රෝහල වෙත මාරුකර යැවුණි. (එවකට මූලික රෝහලකි). සිත්ති නිසාර් පිලිස්සුම් තුවාල හේතුවෙන් ජීවිතයත් මරණයත් අතර පොරබදමින් සිටි නිසා, මාතර රෝහලේ වෛද්‍යවරුන් ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ඒකකය වෙත පිටත් කර යැවුවාය. ඒ 2004.04.09 වැනි දින පෙරවරු 9.30ට පමණය.  

කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ඒකකයට ඇතුළත් කෙරුණු සිත්ති නිසාර් වෙත ප්‍රතිකාර සිදුකෙරුණු අතර, එම අවස්ථාවේ වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරියක වූ වෛද්‍ය. පී.එච්. ඉනෝකා ද සිල්වා මහත්මිය විසින් සිත්තිගෙන් සිද්ධිය පිළිබඳව විමසා ඇති අතර, එහිදී දැඩි පිලිස්සුම් තුවාල ලබා සිටි සිත්ති වෛද්‍යවරියට පවසා ඇත්තේ සැමියා වූ අනුෂ් විසින් තමන්ගේ සිරුරට භූමිතෙල් දමා ගිනි තැබූ බවයි. 

වෛද්‍යවරිය විසින් තුවාල කාරියගේ අදාළ ප්‍රකාශයද ඇයගේ ඇඳ ඉහපත් සටහන් පොතෙහි සටහන් කළාය. ඒ වන විටත් තුවාලකාරියගේ සිරුරෙහි 70%ක් පමණ ගැඹුරු තුවාල නිරීක්ෂණය කළ බව වෛද්‍යවරයා සටහනක්ද දමා තිබුණි. දිනෙන් දින ඉතා බරපතළ තත්ත්වයේ පසු සිත්ති කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 2004.04.11 දින පෙරවරු 09ට පමණ මිය ගියාය.   

දැඩි පිලිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගියේ 18 හැවිරිදි එක් දරු මවක වූ සිත්ති නිසාර් නිෂාඩීන් නැමති කාන්තාවයි.   

සිද්ධියට අදාළව සැක පිට සැකකාර සැමියා වූ තුවාන් අනුෂ් යූනිෂ් නැමති අය හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. කලක් බන්ධනාගාර ගතව සිට පසුව සැකකරු ඇප මත නිදහස්ව පැමිණියේය. 

පසුව සැකකරුට එරෙහිව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති මූලික නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා විසින් 2006.07.13 වැනි දින එවකට හම්බන්තොට මහාධිකරණ විනිසුරු පී.කේ.ඩබ්ලිව්. විජේරත්න  ඉදිරියේ චූදිතට අධිචෝදනා පත්‍ර භාරදුනි. හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩුව විභාග වෙමින් තිබියදී සැකකාර සැමියා වෙනත් විවාහයක්ද සිදුකරගනු ලැබූ අතර එම විවාහයෙන්ද චුදිතට දරුවන් සිව් දෙනෙකු ලැබුණි.   

සිද්ධියට අදාළව පැවති දීර්ඝ නඩු විභාගයෙන් පසු පැමිණිල්ල විසින් චූදිතට එරෙහිව නගා තිබූ අධිචෝදනාව සාධාරණ සැකයෙන් ඔප්පු කිරීමට සමත්වීම හේතුවෙන් හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල  පසුගිය 17 වැනි දින සිය නියෝගය නිකුත් කළේය.   

එහිදි නියෝගය නිකුත් කිරීමට මත්තෙන් චූදිතට නිදහසට යමක් කීමට ඇත්දැයි අධිකරණය විමසූ පසු චූදිත විත්ති කූඩුවේ සිට හඩා වැලපෙමින් “ගරු ස්වාමීනි, මං මේකට කිසි සම්බන්ධයක් නැතැයි’’ ප්‍රකාශ කරන ලදී.   

ඉන් අනතුරුව වූයේ තීන්දුව ප්‍රකාශ කිරීමය. මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල ආසනයෙන් නැගී සිට තීන්දුව ලබා දෙමින්, චූදිත සිදුකළ වරදට දඬුවම ලෙස මරණීය දණ්ඩනය නියම කරන බව ප්‍රකාශ කෙරුණි. ඒ අනුව චෝදනාව සඳහා වරදකරු වූ චූදිත ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් නියම කරන දිනක සහ වේලාවකදී ගෙල සිරකර මරණයට පත්කරන තෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කෙරුණි

සූරියවැව දිලීප් ජයසේකර.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57