spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තමා නිවැරදිකරු බව ට්‍රම්ප් අධිකරණයේ දී කියයි

2020 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අවලංගු කිරීමට උත්සාහ කිරීමේ චෝදනාවලට තමන් නිවැරදිකරු බව හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන් ඩීසී අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වූ නවතම අධිචෝදනා හතරෙහි නඩු විභාගයට පළමුවරට ඊයේ (03) පෙනී සිටිමිනුයි ඔහු මේ බව පවසා ඇත්තේ.

නඩු විභාගයෙන් පසුව ඔහු මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ මෙම නඩුව “දේශපාලන විරුද්ධවාදියෙකුට හිංසා කිරීම” බවයි.

මාස හතරක් තුළ අපරාධ විත්තිකරුවෙකු ලෙස හිටපු ජනාධිපතිවරයා අධිකරණයේ පෙනී සිටි තුන්වන අවස්ථාව මෙය වනවා.

නඩු විභාගය ලබන 28 වැනිදා දක්වා කල් දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?