මිහින්තලේ රාජ්‍ය පරිපාලන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මුදල් ලබාගැනීමක් පිළිබඳව අසත්‍ය චෝදනා කරමින් තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් පවසනවා.
සිය රියදුරු සමඟ අද (04) පෙරවරුවේ අනුරාධපුර පොලිස් ස්ථානය පැමිණි අවස්ථාවේ දී උන්වහන්සේ මේ බව සඳහන් කළා.
මිහින්තලා පුදබිමට අයත් රාජ්‍ය පරිපාලන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මුල්කර ගනිමින් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිගේ රියදුරුවරයා අනුරාධපුර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට අද (04) දිනයේ කැඳවා තිබුණා.
අනුරාධපුර පොලිසිය විසින් සිදුකර ඇති නියෝගය අනුව රියදුරුවරයාව පොලිසියට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත්, තමන් වහන්සේව ද අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවටත් මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියා.














අනිවාරෙන් අත් අඩංගුවට අරන් ඉක්මනින් වෙන විහාරාධිපති කෙනෙක් පත් කරන්න ඕන..ඉක්මනටම
වලවාහැංගුවේ සල්ලි විතරද?
ඇයි රියදුරු සමග v8 එකෙන් ගියේ.? තාම ඉර්දි බලය මේ වහන්සේට පහල වුනේ නැද්ද ??
හැබැයි පොලිසියෙන් අල්ලන්න එනකොට වලහා හැංගුන වලේ හැංගෙන්න නම් එපා වහන්සේ .. 😃
How can Monk who wearing the saffron robe of the Buddha Sasana do politics? It is a grave sin
Bala way asparagus dariya dooshanaya karala ahu unama saddle nay.thamange kupadikam nawaththala anunge waradi gana katha karanna sanwarawa.cheewarey kelasanna epa.