තමන් රට බාරගත් හේතුව ජනපති රනිල් පහදයි

වත්මන් ගැටළුවලට විසඳුම් සොයමින් රට යළි ගොඩනැඟීමේ දී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළා

දිස්ත්‍රික් 306 C – 2 ලියෝ සමාජය සඳහා දීපව්‍යාප්තව සාමාජිකයන් 6,500ක් බඳවා ගැනීම සහ ලියෝ දිනය වෙනුවෙන් (11) කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.රට ආර්ථික සහ දේශපාලන වශයෙන් ඉතා ගැටළුකාරී තත්ත්වයක පැවති අවස්ථාවකදී වුවද තමා රට භාරගැනීමට ඉදිරිපත් වූයේ තරුණ තරුණියන්ට යහපත් අනාගතයක් ගොඩනඟාදීමට බව පැවසූ ජනාධිපතිවරයා අප තීන්දු තීරණ ගත යුත්තේ අද ගැන සිතා නොව තවත් වසර 25ක ඉදිරිය ගැන සිතා බව පැවසීය.

සංවර්ධිත රටක් කරා යන ගමනට තරුණ තරුණියන් දායක කර ගැනීමේ වැඩපිළිවෙල මේ වන විටත් රජය අරඹා ඇති බව පැවසූ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවලට තරුණ නියෝජිතයින් පත් කිරීමට යෝජනා කර තිබෙන බව ද සඳහන් කළේය.2023 වසරට යෙදෙන 75 වන නිදහස් දින සැමරුමට සමගාමිව “ජාතික තරුණ වේදිකාවක්” නිර්මාණය කර තිබෙන බවත්, සිංගප්පූරුව, ජපානය, චීනය සහ කලාපයේ අනෙකුත් සංවර්ධිත රටවල ආර්ථිකය මෙන් දියුණු ආර්ථිකයක් කරා අප යන ගමනට අත්වැලක් වන අයුරින් එම තරුණ වේදිකාව පැවැත්විය යුතු බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ඊට සහභාගී වන ලෙසද තරුණ තරුණියන්ට ආරාධනා කළේය.

ගෝලීය අර්බුදයක් වී ඇති දේශගුණික විපර්යාස ගැටළු අවමකර ගැනීම සඳහා තරුණ තරුණියන්ගේ අර්ථවත් අදහස් ලබාගැනීම සඳහා දියත් කළ දේශගුණික විපර්යාස වැඩසටහන සමඟ එක් වන ලෙස ද ජනාධිපතිවරයා ලියෝ සාමාජිකයන්ට ආරාධනා කර සිටියේය.දිස්ත්‍රික් 306 C – 2 ලියෝ සමාජ විසින් සංවිධානය කරන ලද ප්‍රදර්ශනය නැරඹීමට ද එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කර තිබු “බීජ පත්‍රිකාව” ඇගයීමට ලක් කළේය.

306 C – 2 ලියෝ සමාජයේ දිස්ත්‍රික් සභාපති ලියෝ ඉඳුනිල් උදාර පලිහවඩන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත සමරු තිළිණ පිළිගැන්වූ අතර ලියෝ සාමාජිකයන් සඳහා සම්මාන ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, සිංහ ලසන්ත ගුණවර්ධන, සිංහ සමාජයේ දිස්ත්‍රික් අධිපති සිංහ බෙනට් ගම්ලත්, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති එම්.වී.එස්. ගුණතිලක, ප්‍රධාන ශිෂ්‍ය නායක කවිෂ රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22