මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේදී සිදු වූ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මියගොස් ඇත්තේ වෘත්තියෙන් තබ්ලා වාදනයේ නිරතව සිටි නාඔටුන්න පල්ලියගුරුගේ ප්‍රේමරත්න නමැති අයෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඔහු මහල් නිවාස සංකීර්ණයේ තනිව වාසහ කරන අතර කැලණිය ප්‍රදේශයේ සිට පැමිණි අයෙකු මෙම ඝාතනය සිදු කර ඇතැයි ඥාතීන් සැක පළ කරනවා.
අදාළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ. මියගිය පුද්ගලයා වයස අවුරුදු 68ක අයෙක්.
මහල් නිවාස සංකීර්ණයේ යාබද නිවසක පදිංචි කාන්තාවක් ප්‍රකාශ කර ඇත්තේ මියගිය පුද්ගලයා තවත් ඥාතියෙකු සමග ඊයේ මෙම නිවසේ සිටි අතර නිවස දෙසින් කෑගසන ශබ්දයක් ඇසීම හේතුවෙන් කළ සොයා බැලීමේදී ඥාති පුද්ගලයා කලබලයෙන් එළියට බැස දිවගිය බවයි.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.













