spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තනි රෝදයෙන් යතුරුපැදි සහ රෝද දෙකෙන් ත්‍රීරෝද රථ පැද වූ තරුණයන් හයක් අත්අඩංගුවට

තනි රෝදයෙන් යතුරුපැදි සහ රෝද දෙකෙන් තීරෝද රථ පැද වූ තරුණයන් හය දෙනකු අත්අඩංගුවට ගෙන හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් 25,000 බැගින් දඩ නියම කර රියදුරු බලපත්‍රය වසරකට අත්හිටුවීමට මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය

මෙලෙස දඩ නියම වූයේ මොරගහහේන හොරණ ආදී ප්‍රදේශ වල පදිංචි තරුණයන් හය දෙනෙකුට ය

ඊට අමතරව එම යතුරු පැදි සහ සහ තීරෝද රථ පොලිස් භාරයට තබාගන්නා ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා දරුවන් යන එන තැන් පිළිබඳ මීට වඩා සොයාබලා වගකීමෙන් කටයුතු කරන ලෙස දෙමව්පියන්ට ද අවවාද කළේය

මහජන පීඩාවක් සහ අන් අයගේ ජීවිත වලට අනතුරුදායක ලෙස තරුණයන් පිරිසක් මොරගහහේන ඔලබොඩුව නවම් මාවත ප්‍රදේශයේ තනි රෝදයෙන් යතුරුපැදිත් රෝද දෙකෙන් තීරෝද රථත් පදවන බවට මොරගහහේන පොලීසියට ලද තොරතුරක් අනුව ඉතා සූක්ෂම ලෙස ඔහුන් එම ක්‍රියා වල යෙදෙන ආකාරය ජංගම දුරකථන වල පටිගත කිරිමෙන් අනතුරුව වැටලීම සිදු කළ බව පොලිසිය අධිකරණයට දැන්වීය

අද සමාජයේ තරුණ පරපුර මත්ද්‍රව්‍ය වලින් ගිල ගනිමින් සිටියදී එම සමාජයේම තවත් පිරිසක් තනි රෝදයෙන් යතුරුපැදි සහ රෝද දෙකෙන් ත්‍රීරෝද රථ පැදවීම විලාසිතාවක් බවට පත් කරගෙන තියෙනවා

එය ඔවුන්ගේ ජීවිතවලට පමණක් නොව මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් අයගේ ජීවිතවලට දැඩි තර්ජනයක් බවට පත්ව ඇති බව මොරගහහේන පොලිසිය අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝග ලබා දී ඇත

මොරගහහේන පොලිසිය පරීක්ෂණ පවත්වයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?