තනියෙන් මිල ගණන් වැඩි කරන්න මට පිස්සුද – උදය ගම්මන්පිල

තනියම තෙල් මිල ගනන් වැඩි කිරීමට තරම් තමන්ට පිස්සුවක් නැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කරනවා.

තෙල් මිල ගනන් ඉහළ දැමීම නිසි ක්‍රමවේදයට අනුව ඇමැති අනුකමිටුවේද අනුමැතිය ඇතිව සිදු කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අනුමැතිය දුන්නේ මුදල් අමාත්‍යංශයෙන්

මිල වැඩි කිරීමේ තීරණය මෙන්ම එම තීරණය ක්‍රියාත්මක කලයුතු දිනය තමන්ට ලබා දුන්නේ මුදල් අමාත්‍යංශයෙන් බවද අමාත්‍යවරයා හෙළිදරව් කරනවා.

තෙල් මිල ගණන් ඉහළ දැමීමේ තීරණය මහා භාණ්ඩාගාරය විසින් අනුමත කොට තිබෙන බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා එහි විෂය භාර අමාත්‍යවරයා වන්නේ මුදල් අමාත්‍යවරයා බවද පෙන්වා දෙනවා.

ඇත්ත රටට හෙළි කරනවා

මේ සියලු දේවල් පිළිබඳ තොරතුරු හෙට (13) මාධ්‍ය හමුවක් තබමින් රටට හෙළිදරව් කිරීමට තමන් තීරණය කොට ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

උදය ගම්මන්පිල අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල ගණන් ඉහළ දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මීට ටික මොහොතකට පෙර නිකුත් කොට තිබෙන නිවේදනය සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

මේ අවස්ථාවේ තෙල් මිල ගණන් ඉහළ දැමීම ආණ්ඩුව අසීරුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ද යන්න පිළිබඳ සැකයක් තිබෙන බවත් ජනතාව අසීරුතාවයට පත්ව සිටින මේ මොහොතේ තෙල් මිල වැඩි කිරීමේ වගකීම විෂය භාර අමාත්‍යවරයා වන උදය ගම්මන්පිල මහතා විසින් භාර ගෙන ඔහු බලශක්ති අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව කාරියවසම් මහතා විසින් නිකුත් කළ නිවේදනයේ ඇතුලත්ය.

  1. කාරියවසම් පොහොට්ටුවේ මහ ලේකම්. ඒ වගේම ලැයිස්තු මන්ත්‍රිවරයෙක්. ගම්මන්පිල කියන්නේ මේ රාජපක්ෂ ආණ්ඩුව හදන්න, ගේන්න මුලින්ම කර දුන්න එක්කෙනා. ඒ වගේම බලශක්ති ඇමතිවරයා වශයෙන් එතුමාට මේ වගේ තීරණ තනියෙන් ගන්න පුළුවන්ද? ඒ නිසා මේ නීතිඥවරයෙක් වන කාරියවසම් මහතා මෙයට පෙරත් මේ වගේ හොල්මන් නිවේදන නිකුත් කලා අපේ විමල් වීරවංශ ඇමතිතුමාටත්. අනේ කරුණාකරල කාරියවසම් මහත්තයා ලේකම් කම බලාගෙන ඉන්න. ජනතාවට බොරු නිවේදන නිකුත් කරන්නේ නැතිව



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16