තංගල්ලෙන් ඇල්ලූ අයිස් සහ හෙරොයින් තොගය නිරීක්ෂණයට පොලිස්පති එයි (වීඩියෝ)

තංගල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 635ක් සොයාගත් බව පොලිසි සඳහන් කළා.

ස්ථාන දෙකක නවතා තිබූ ලොරි රථ තුනක් තුළා තිබිය දී අවස්ථා තුනකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමටයි පොලිසියට හැකි වුණේ.

ඒ, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට ලැබුණු තොරතුරු මත සිදුකළ මෙහෙයුම්වලදීයි.

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ නිවසක් අසළ නවතා තිබූ ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයාගත් අතර, කිලෝ ග්‍රෑම් 10කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් එම ලොරි රථය තුළ තිබී හමුවූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඊට අමතරව තංගල්ල – කතරගම මාර්ගයේ ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ වාහන සර්විස් ස්ථානය නවතා තිබූ ලොරි රථයක් තුළ තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් අද (22) දහවල් සොයා ගැනීමට පොලිසිය හැකියාව ලැබුණා.

කොමඩු ප්‍රවාහනය කරන මුවාවෙන් කොමඩු අතර සඟවා තිබිය දී මෙම අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට පොලිසිය සමත් වූ අතර, එම රථය තුළ තිබී අති නවීන රිවෝල්වර් වර්ගයේ ගිනි අවි පහක් සහ T-56 වර්ගයේ ගිනි අවියක් ද පොලිසිය සොයා ගත්තා.

මේ අතර තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ නිවසක පිහිටි ඉඩමේ නවතා තිබූ විශාල ලොරි රථයක් තුළ තිබිය දී අද (22) පස්වරුවේ තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබුණා.

එහිදී ද අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් සොයාගත් අතර, ලොරි රථයේ තට්ටුව තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබියදීයි පොලිස් නිලධාරීන් මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත්තේ.

මේ අතර තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සඟවා තිබිය දී හමුවූ ඩිමෝ බට්ටා ලොරිය සහ විශාල ප්‍රමාණයේ ලොරිය නවතා තිබූ ඉඩමේ අලුත්වැඩියා කරමින් පවතින නිවස තුළ තිබී පුද්ගල මළ සිරුරු දෙකක් අද (22) උදෑසන සොයාගත්තා.

පොලීසිය පවසන්නේ මෙලෙස සොයාගත් මළ සිරුරු දෙක සහ සොගත් මත්ද්‍රව්‍ය අතර සබඳතාවක් පවතින බවට සැකපළ කරන බවයි.

මේ අතර තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයෙන් සොයාගත් මෙම අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණයට අද (22) පස්වරුවේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැමිණියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39