ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතා මැයි මාසයේ

චීනය, ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමියන් සමඟ මැයි මාසයේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන්ට එළැඹීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

රොයිටර්ස් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා නිල කමිටුවක් පත් කරන්නේද නැතහොත් ද්විපාර්ශවික සාකච්ඡා මඟින් අවසන් එකඟතාවකට එළඹෙන්නේද යන්න පිළිබඳව අදාළ පාර්ශව අවසන් තීරණයකට එළෙඹෙනු ඇති බවයි.

ජාත්‍යන්තර ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවයට එළැඹීමට පෙර දේශීය ණය ප්‍රතිව්‍යූගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අවසන් නිගමනයන්ට එළැඹීමට අපේක්ෂා කරන බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්ද ලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය දෙන්නන් සමඟ මූලික වශයෙන් ඩොලර් බිලියන 7.1ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර Bloomberg රුපවාහිනී ආයතනය සමග අමෙරිකාවේ වොෂින්ටන් හීදි සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ වී ඇති අතර එය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට වග බලා ගත යුතු බවටයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයට සහ ආපසු ගෙවීම ආරම්භ කිරීමට චීනය සහය වනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව එහිදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

නිල සහ වාණිජ ණය හිමියන් සමග සාකච්ඡා ඉක්මනින් අවසන් කිරීම අරමුණ බවයි ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

ඉතා දැඩි මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස උද්ධමන පහතට ගෙන ඒමට හැකියාව ලැබී ඇති බවත් මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාවට තනි ඉලක්කම් උද්ධමනය කරා ළඟා වනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14