spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ණය ගෙවීමට පැරිස් සමාජයෙන් ශ්‍රී ලංකාවට වසර 10 ක සහන කාලයක්

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය විසඳීම සඳහා පිළියමක් ලෙස ශ්‍රී ලංකාවේ ණය සඳහා වසර 10 ක සහන කාලයක් ලබාදීමට පැරිස් සමාජය යෝජනා කර ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

එමෙන්ම වසර 15ක කාලසීමාවක ණය ප්‍රතිව්‍යූහගතකරණයක් ද පැරිස් සමාජය විසින් යෝජනා කර තිබේ.

කෙසේ නමුත් පැරිස් සමාජය නිල වශයෙන් ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියන් වන චීනයට සහ ඉන්දියාවට මෙම යෝජනාව ඉදිරිපත් කර නැති බවද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබෙන තෙක් ඉදිරි මාස තුන සඳහා කෙටි කාලීන මූල්‍ය පහසුකම් අවශ්‍ය වන බවත් සියල්ල යථා තත්ත්වයට පත්වීමට පෙර ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික අර්බුදය නිසැකවම තවත් නරක අතට හැරෙණු ඇති බවත් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?