ඩොලර් සඟවාගෙන සිටි අයට සිදු වූ දේ මහ බැංකු අධිපති කියයි

ඩොලර් සන්තකයේ තබාගෙන සිටි පිරිස් මහ බැංකුවෙන් ලබාදුන් සමා කාලය තුළ දී විනිමය හුවමාරු කළේ නම් ඉහළ අගයක් ලබාගැනීමට හැකිව තිබූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (12) දිනයේ සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණයක් අමතමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මෙරට අමෙරිකානු තානාපති ජූලී චන්ග් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහ බැංකු අධිපතිවරයා පැවසුවේ,

“ඩොලර් රැස් කරගෙන සිටි අපනයනකරුවන්ට වගේම ඩොලර් රැස් කරන ආනයනකරුවන්ට, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයින් වැනි කළු වෙළෙඳපොළෙන් ඩොලර් රැස් කරන වෘත්තිකයින්ට එම ඩොලර් රුපියල්වලට හුවමාරු කරගන්න අපි මාසයක කාලයක් ලබා දුන්නා. ඒත් එක්රැස් වුණේ ඩොලර් මිලියන 30ක් පමණයි. අපට ඇහුම්කන් දුන් අපනයනකරුවන්ට එම කාලසීමාවේදී ඩොලරයකට රුපියල් 365.00ක් රුපියල් 370.00ක් විතර ලැබුණා. ඒ නිසයි අපි වෙළෙඳපොළට මැදිහත් වුණේ.” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55