ඩොලර් මිලියන 2.5ක ගැන මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්

විදෙස් රටක ණය ගෙවීමකට අදාළ මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරුන් අතට පත් වී ඇති බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන දැනුවත් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, අද (23) පස්වරුවේ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ලේකම්වරයා සඳහන් කළේ හැකර්වරුන් ඊමේල් හරහා අදාළ පද්ධතියට පිවිස ඇති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ණයහිමියා මෙන්ම ඔස්ට්‍රේලියානු තානාපතිවරයාද දැනුවත් කර ඇති බවත් හර්ෂණ සූරියපෙරුම පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40