ඩොලර් අර්බුදය විසඳී ඇති බව මහ බැංකු අධිපති කියයි

පසුගිය සති දෙක තුළ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව යම් උච්චාවචනයන් සිදු වුව ද ඩොලර් අර්බුදය මේ වන විට විසඳී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

රටේ අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවලට සහාය වීම සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය සංචිත පවතින බවයි මහ බැංකු අධිපතිවරයා තහවුරු කර ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9ක ණය වෙනුවෙන් ලැබෙන අනුමැතිය, ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ නංවන අතර රටට තවත් ආයෝජන ආකර්ශනය කර ගැනීමට හැකිවනු ඇතැයි ඔහු පෙන්වා දෙනවා.

ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ IMF මුල්‍ය මණ්ඩලය හෙට ශ්‍රී ලංකාව සඳහා වන ණය මුදල විධිමත් ලෙස අනුමත කිරීමට නියමිත අතර එහි පළමු වාරිකය ලෙසට ඇමරිකානු ඩොලර් මිලියන 390ක් අඟහරුවාදා ලබා දීමට නියමිත බවයි.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද සඳහන් කළේ ඩොලර් සංචිත අතින් මහ බැංකුව තවමත් දුර්වල තැනක පසුවුව ද, අවම වශයෙන් ඩොලර් බිලියන 05ක වත් සංචිතයක් ඇති කර ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවයි.

එසේම ඉදිරි දින කිහිපයේදී ලැබීමට නියමිත IMFණය වාරික මුදල, ලෝක බැංකුවේ ණය ආධාර මුදල සහ ආසියානු සංවර්ධන අරමුදලේ ණය ආධාර මුදල ලැබුණු පසු, එය ධනාත්මකව ආර්ථිකයට බලපාන බව ද සියඹලාපිටිය මහතා සඳහන් කළා.

ඩොලර් සංචිත වැඩිවීමට, රුපියලේ අගය වැඩිවීමට මෙන්ම භාණ්ඩ මිල අඩුවීමට එම කරුණු සුවිශේෂිව බලපාන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම, මහ බැංකුව සහ ආණ්ඩුව කෘතිමව සිදු කළ එකක් බවට පසුගිය දින කිහිපයේදී විවිධ පාර්ශව චෝදනා කළ ද රුපියලේ අගය තීරණය වන්නේ ඩොලරයට ඇති ඉල්ලුම හා සැපයුම මත බව තහවුරු වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පසුගිය සතියට සාපේක්ෂව මේ වන විට රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබිම සම්බන්ධයෙන්, අද උදෑසන දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05