ඩොනල්ඩ් ලූ ඇතුළු පිරිසක් කතානායක මුණ ගැසී දුන් පොරොන්දුව (ඡායාරූප)

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොලන්ඩ් ලූ ඇතුළු දූත පිරිසක් කතානායක ආචාර්ය අසෝක රන්වල මහතා හමු ව තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් කාර්‍යාලය නිවේදනය කළේ; ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා මෙන් ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයේ සහාය ඉදිරියටත් ලබාදීමට කටයුතු කරන බවට එම ජ්‍යේෂ්ඨ දූත පිරිස එකඟ වූ බවයි.

මෙම හමුවීම දෙසැම්බර් මස 06 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදුවුණා.

අමෙරිකා එක්සත් ජනපද සංවර්ධන නියෝජිතායතනයේ (USAID) ආසියා කාර්යාංශයේ නියෝජ්‍ය සහකාර පරිපාලක අංජලී කෞර් (Anjali Kaur) මහත්මිය සහ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් (Robert Kaproth) මහතා ඇතුළු ඉහළ පෙළේ
නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියා.

ජනතාවගෙන් ලැබුණු ජනවරම ශ්‍රී ලංකාවේ ඉදිරි ප්‍රතිසංස්කරණ ප්‍රමුඛතා, වගවීම, විනිවිදභාවය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහිත පාලනයක් ලෙස වඩාත් සාර්ථකව ඉදිරියට ගෙනයාමට පාර්ලිමේන්තුවේ තීරණාත්මක
කාර්යභාරය පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ නියෝජිතායතනයේ (USAID) අනුග්‍රහය මත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් ක්‍රියාත්මක වූ වැඩසටහන් ගණනාවක් ජනතාව සහ පාර්ලිමේන්තුව අතර සබඳතාව ඉහළ නැංවීමට ඉවහල් වූ බව පෙන්වා දුන් කතානායකවරයා ඒ පිළිබඳව සිය ස්තුතිය පළ කළා.

cbb5059c 3a70 4b43 8872 e4e2ecc7b455
caa325cf 6cfc 48df a085 5ecf6cb0fac6
be65238e 5772 4acd bee9 6b7925c09b83
2ee2d51a 039e 4440 b8b4 8821f06164db
bbe21df3 3758 40f7 b657 f570a9057e67
12e1232f 226b 427a 966e 709814fff769


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජුන් බිහිකළෙත් අපි..රජා ගෙදර යැවුවෙත් අපි හාමුදුරුවනේ - සිවුර දාගත්ත අපිට කොන්දක් තිබ්බා
04:21
Video thumbnail
22 ඉර හඳ වගේ, අනිවාර්යෙන් සම්මත කරනවා
04:14
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:50
Video thumbnail
සත්තුන්ට කන්නත් මොකුත් නෑ - වියළි කාලගුණය නිසා ගවයින් අමාරුවේ
02:27
Video thumbnail
ජනතාවගේ විශ්වාසය කඩ වුණොත් විශාල ප්‍රශ්නයක් වෙනවා
03:18
Video thumbnail
පීඩාවට පත් වූ ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:59
Video thumbnail
ඩී.වී. චානකගේ ප්‍රකාශයට ඇමති නලින්ද පිළිතුරු දෙයි - නොරොච්චෝලය නවත්තන්න වෙයිද ?
01:44
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59