ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ රාත්‍රී භෝජන සංග්‍රහයක වෙඩි තැබීමක් – ට්‍රම්ප්ව ආරක්‍ෂිතව එම ස්ථානයෙන් ඉවත්කර ගනී (වීඩියෝ)

වොෂින්ටනයේ ‘වොෂින්ටන් හිල්ටන්’ හෝටලයේ පැවැත්වෙමින් තිබූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මේ සමඟ භෝජන සංග්‍රහයට සහභාගී වී සිටි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් වහාම එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කර ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ සභාපතිනි වෙයිජියා ජියැං අදහස් දක්වමින් කියා සිටියේ, මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන අතරතුර තාවකාලිකව නැවතුණු උත්සවයේ කටයුතු යළි ආරම්භ කරන බවයි.

තමාට විශාල පිපිරුම් හඬ කිහිපයක් ඇසුණු බවත්, රහස් සේවය තුවක්කුකරු ඇදගෙන පිටතට ගෙන ගිය බවත් BBC පුවත් සේවයේ වාර්තාකරු පවසනවා.

මේ අතර ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව සහ අනෙකුත් සියලුම රහස් සේවා ආරක්ෂකයින් ආරක්ෂිත බව ඇමරිකා රහස් සේවා ප්‍රකාශක ඇන්තනි ගුග්ලියෙල්මි පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27