ඩේසි ආච්චිට ඩිමෙන්ශියා – නීතිඥවරයා අධිකරණයට දැනුම්දෙයි

අයථා ලෙස උපයාගත් මුදලින් රුපියල් ලක්ෂ 596කට අධික වටිනාකමක් ඇති ඉඩම් ඇතුළු දේපළ මිලදී ගැනීමට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝශිත රාජපක්ෂට සහ දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට්ට පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී එකී දෙවන විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ අනිල් සිල්වා කොළඹ මහාධිකරණ විනිසුරු උදෙශ් රණතුංග මහතාට දැනුම් දුන්නේ අදාළ නඩුව සඳහා ඩේසි ෆොරස්ට් නැමැත්තියගෙන් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට උපදෙස් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

එම කාන්තාව වයස අවුරුදු 98 හැවිරිදි තැනැත්තියක වන බැවින් ඇය අතීතය අමතක වන ඩිමෙන්ශියා රෝගයෙන් පෙලෙන බවයි නිතීඥවරයා අධිකරණයට පවසා සිටියේ.

එමෙන්ම ඇයට ඩිමෙන්ෂියා ඇතුළු තවත් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බැවින් ඇයට එරෙහි අධි චෝදනා පත්‍රය අධිකරණය හමුවේ පවත්වාගෙන යාමද පදනම් විරහිත බව ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ.

අද (22) දිනයේ මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඇප මත මුදාහැර සිටින යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී විත්තිකාර ඩේසි ෆොටෝස්ට් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායිකාව ඩිමෙන්ශියා සහ ඇල්සයිම යන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන තැනැත්තියක් බවත් එම තත්ත්වය මත මෙම චෝදනාව පවත්වාගෙන යාම පදනම් විරහිත බවත් ප්‍රකාශ කළා.

සිය සේවා දායිකාව වයස අවුරුදු 98 ක වයෝවෘද්ධ තැනැත්තියක් වන අතර ඇයගේ පෞද්ගලික කටයුතු පවා ඇයට තනිවම කර ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේ.

වර්තමානයේ ඇයට තිබෙන මානසික තත්ත්වය අනුව මෙම වරද සම්බන්ධයෙන් හෝ අධිකරණය සම්බන්ධයෙන් ඇයට දැනීමක් නොමැති බවත් මෙම වරද පිළිගැනීම හෝ නොපිළිගැනීම සම්බන්ධයෙන් ඇයට දැනුම් තේරුමක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

2017 වසරේ මාර්තු 17 වනදා ගංගොඩවිල දිසා අධිකරණයෙන්ද සිය සේවාදායිකාවට ඇගේ පුද්ගලික කටයුතු ස්වාධීනව කර ගැනීමේ හැකියාවක් නැති බැවින් ඇයගේ සහ ඇයගේ දේපළ භාරකාරීත්වය වෙනත් අයකුට පවරන ලෙස නියෝගයක් නිකුත් කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරා පෙන්වා දුන්නා.

අධිකරණ වෛද්‍ය වාර්තාවක් පදනම් කරගෙන අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන අතර එම රෝගී තත්ත්වය යථා තත්ත්වයට පත්වීමේ හැකියාවක් නොමැති බවට වෛද්‍යවරු විසින් දැනුම් දී ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙම තත්ත්වය යටතේ සිය සේවාදායිකාවට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල විසින් සලකා බැලිය යුතු බවත් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙවැනි කරුණක් අධිකරණයට ඉදිරිපත් කරන පළමු අවස්ථාව මේ බව කියා සිටියා.

විත්තිකාරිය වයස අවුරුදු 98 ක තැනැත්තියක් වන අතර ඇයට තිබෙන රෝගී තත්ත්වයන් පිළිබඳව පැමිණිල්ලට පිළිගත හැකි වුවත් දිසා අධිකරණය දුන් නියෝගයකට අනුව මෙම අධිකරණය කටයුතු කිරීමට අවශ්‍ය නොවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියා.

ඒ පිළිබඳව මෙම අධිකරණයට යළි කරුණු සලකා බැලීමට හැකියාව තිබෙන බවත් මෙම විත්තිකාරිය සම්බන්ධයෙන් යළි වෛද්‍ය වාර්තාවක් කැඳවීමට අවශ්‍යදැයි සලකා බැලිය යුතු බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඒ සඳහා කාලය අවශ්‍ය බවත් පැවසුවා.

මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා ජනාධිපති නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම වෛද්‍ය වාර්තාව වසර අටකින් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේ ඇයි දැයි විමසුවා.

මෙම නඩුකරය මුලින් මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර, මෙවැනි වැදගත් ලේඛනයක් එම අධිකරණයට ඉදිරිපත් නොකළේ ඇයිදැයි ප්‍රශ්න කළ මහාධිකරණ විනිසුරුවරයා මහේස්ත්‍රාත් අධිකරණයේදී විත්තිකාරිය වෙනුවෙන් නීතිඥ නියෝජනයක් තිබු නිසා අදාළ ලේඛනය එම අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාව තිබූ බවත් සඳහන් කළා.

මෙවැනි ලේඛනයක් මහේස්ත්‍රාත් අධිකරණයට විත්තිය විසින් ඉදිරිපත් කළේදැයි අධිකරණය හමුවේ පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් විනිසුරුවරයා විමසූ අතර ඔවුන් සඳහන් කළේ එවැනි ලේඛනයක් ඉදිරිපත් නොවූ බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා දෙවෙනි විත්තිකාරිය පිළිබඳ පැමිණිල්ලේ ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම නඩුව ලබන 26 වැනිදා කැඳවන ලෙස නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ පාරේ කරාතේ පෙන්නූ ජනප්‍රිය උපකාර පන්ති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59
Video thumbnail
ධනයට බලයට වහල්වීම නෙවෙයි නිදහස..දේව මෙහයට එක්වී කාදිනල්තුමා දුන්න නත්තල් පණිවුඩය
09:26
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15


?