ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග නිවාරණයට පාසල්වල සැලසුම්

මෝසම් වැසි සමය එළඹීමත් සමඟ දිවයින පුරා ඩෙංගු රෝගය සහ විකුන්ගුන්යා රෝග පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බවත්, 2025 මැයි 31 වැනි දින දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ඩෙංගු රෝගීන් අතරින් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 05 ත් 19 ත් අතර පාසල් වයසේ පසු වන දරුවන් බවත් සෞඛ්‍ය අංශ මගින් දැනුවත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මේ හේතුවෙන් පාසල් ආශ්‍රිත පරිසරය මදුරුවන්ගෙන් තොර ව ආරක්ෂිත ව පවත්වාගෙන යාම සඳහා මීට පෙර නිකුත් කර ඇති 2010/22 හා 30/2017 චක්‍රලේඛ හා උපදෙස් ලිපිවලට අමතර ව ගත යුතු ක්‍රියාමාර්ග හා උපදෙස් නිකුත් කර ඇති අතර සිසු දරුවන් හා අධ්‍යයන / අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එම උපදෙස් පිළිපදින ලෙස සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුලු නිලධාරීන් දැනුම්වත් කර ඇති බවයි.

ඒ අනුව සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන්, පිරිවෙන්වල පරිවේණාධිපතිවරුන්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරුන් සහ පළාතේ අනෙකුත් අධ්‍යාපන මධ්‍යස්ථාන හා කාර්යාල ප්‍රධානීන් මෙයින් දැනුම්වත් කෙරෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06