ඩෙංගු සහ චිකන්ගුන්යා මර්ධනයට විශේෂ කාර්ය සාධක බලකායක් – වැඩිම රෝගීන් බස්නාහිර

බස්නාහිර පළාතේ ඩෙංගු සහ චිකන්ගුන්යා මර්ධනය සඳහා “War Against Dengue” මැයෙන් විශේෂ කාර්ය සාධක බලකායක් පත්කිරීමට පියවර ගෙන තිබෙනවා.

දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් අතරින් 50% ක්ම බස්නාහිර පළාත තුළින් වාර්තා වනවා.

මේ හේතුවෙන් මෙම විශේෂ කාර්ය සාධක බලකාය බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් පත්කිරීමට කටයුතු කර තිබෙනවා.

ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගවලින් අවම ජනතාවට යහපත් වටපිටාවක් සකස්කරදීම මෙහි ප්‍රධාන අරමුණයි.

මේ අතර බස්නාහිර පළාත තුළ පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරියක් ද ක්‍රියාත්මක වනවා.

0112 092720 හෝ 0112 092721 යන දුරකතන අංක ඔස්සේ එම මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා.

ඒ, අනුව ඕනෑම අවස්ථාවක බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම සේවාව භාවිත කළ හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10