spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩෙංගු රෝගීන් 60,000 ඉක්මවයි

මෙම වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 60,000 ඉක්මවා ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ජුලි 19 වනදා වන විට රෝගීන් 60,136ක් වාර්තා වී ඇති අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාව 12,886ක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවයි.

බස්නාහිර පළාතෙන් රෝගීන් 30,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය පළාත් වශයෙන් ගත් කළ ඉහළම අගය ද වනවා.

වසංගත රෝග විද්‍යා අංශය මගින් ඩෙංගු බෝවන ස්ථාන බහුලව දක්නට ලැබෙන අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 43ක් හඳුනාගෙන ඇතැයි ද සඳහන්.

මෙම අගෝස්තු මාසයේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 3,446ක් වාර්තා වී තිබෙනවා.

2023 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ඩෙංගු මරණ 38ක් ද වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?