ඩෙංගු රෝගීන් 60,000 ඉක්මවයි

මෙම වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 60,000 ඉක්මවා ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ජුලි 19 වනදා වන විට රෝගීන් 60,136ක් වාර්තා වී ඇති අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාව 12,886ක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවයි.

බස්නාහිර පළාතෙන් රෝගීන් 30,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය පළාත් වශයෙන් ගත් කළ ඉහළම අගය ද වනවා.

වසංගත රෝග විද්‍යා අංශය මගින් ඩෙංගු බෝවන ස්ථාන බහුලව දක්නට ලැබෙන අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 43ක් හඳුනාගෙන ඇතැයි ද සඳහන්.

මෙම අගෝස්තු මාසයේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 3,446ක් වාර්තා වී තිබෙනවා.

2023 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ඩෙංගු මරණ 38ක් ද වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18