ඩෙංගු රෝගීන් 45,000 ඉක්මවයි

වසරේ මේ දක්වා ගත වූ කාලසීමාව තුල මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 45,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට දැක්වෙන්නේ 2023 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් ඩෙංගු මරණ 26ක් සහ රෝගීන් 45,269ක් වාර්තා වී ඇති බවයි.

හමුවී ඇති ඩෙංගු රෝගීන්ගෙන් අඩක්ම බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රදේශ 60 කට අධික ප්‍රමාණයක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා.

පවතින තත්වය මත ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව රට පුරා ජනතාව දැනුවත් කිරීමේ සහ ඩෙංගු මර්දන වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට සාමූහික උත්සාහයක් දැරීමට සිදුව ඇති බවයි.

නිවාසවල පදිංචිකරුවන් සහ ව්‍යාපාරිකයන් තම පරිශ්‍ර පිරිසිදු කිරීමට දිරිගැන්වීමේ අරමුණින්, මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන්ට නීතිමය පියවර ගැනීමට ද සැලසුම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10