ඩෙංගු රෝගීන්ගෙන් 88%කටම වැළඳී ඇත්තේ ඩෙංගු 02 ප්‍රභේදය – වෛද්‍ය කපිල කන්නන්ගර

මේ වන විට ඩෙංගු රෝගය වැළඳී ඇති පුද්ගලයින්ගෙන් 88% කටම ඩෙංගු 02 ප්‍රභේදය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇති බව
ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පවසනවා.

මෙම ඩෙංගු 02 ප්‍රභේදයට ජනතාව තුළ ඇති ප්‍රතිශක්තිය ඉතා අඩු බව සඳහන් කරන වෛද්‍යවරයා මේ හේතුවෙන් රෝගී බවට පත්වීමේ හැකියාව වැඩි බවයි පැවසුවේ.

මේ අතර බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගය පාලනය කරගත හැකි නම්, අනෙකුත් දිස්ත්‍රික්කවල රෝගය ව්‍යාප්තිය අඩුකරගත හැකි බවයි වෛද්‍ය කපිල කන්නන්ගර වැඩිදුරටත් සඳහන් කළේ.

දෛනිකව බස්නාහිර පළාතට වෙනත් පළාත්වලින් මහජනතාව විශාල වශයෙන් පැමිණෙන බව සඳහන් කරන වෛද්‍යවරයා, කොළඹ දිස්ත්‍රික්ක ඇතුළු බස්නාහිර පළාත තුළ රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම තුළ එලෙස පැමිණෙන නිරෝගී පුද්ගලයින් ද රෝගයට ගොදුරු වී රෝගයත් සමඟ ඔවුන්ගේ දිස්ත්‍රික්ක සහ ප්‍රදේශවලට යන බවයි පැවසුවේ.

ඒ, අනුව රට තුළ තව තවත් රෝගය පැතිරීමක් සිදුවන බවයි ඔහු අවධාරණය කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14