spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩෙංගු රෝගීන්ගෙන් 25%ක්ම පාසල් ළමුන් – ඉතිහාසයේ වැඩිම සංඛ්‍යාව මේ වසරේ ?

මේ දිනවල වාර්තාවන ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් පාසල් ළමුන් බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පවසනවා.

හෙට (12) දිනයේ පාසල් ආරම්භ කිරීමට ප්‍රථම සියලුම පාසල් පරිශ්‍ර පිරිසිදුකර මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කළ යුතු බවයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

එමෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල විශාල ප්‍රමාණයක (67ක) රතු නිවේදන නිකුත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

සියලුම පාසල්වල සතියකට වරක් හෝ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට පිරිසිදු කිරීම සිදුකළ යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

මේ අතර ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තාවන වසර බවට මෙම වසර පත්විය හැකි බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

ඩෙංගු වසංගතය රට තුළ අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ මේ වන විට අනතුරු අඟවා ඇති අතර, වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 42,961ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
1
+1
1
+1
5
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?