ඩෙංගු රෝගීන්ගෙන් 25%ක්ම පාසල් ළමුන් – ඉතිහාසයේ වැඩිම සංඛ්‍යාව මේ වසරේ ?

මේ දිනවල වාර්තාවන ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් පාසල් ළමුන් බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පවසනවා.

හෙට (12) දිනයේ පාසල් ආරම්භ කිරීමට ප්‍රථම සියලුම පාසල් පරිශ්‍ර පිරිසිදුකර මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කළ යුතු බවයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

එමෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල විශාල ප්‍රමාණයක (67ක) රතු නිවේදන නිකුත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

සියලුම පාසල්වල සතියකට වරක් හෝ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට පිරිසිදු කිරීම සිදුකළ යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

මේ අතර ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තාවන වසර බවට මෙම වසර පත්විය හැකි බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

ඩෙංගු වසංගතය රට තුළ අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ මේ වන විට අනතුරු අඟවා ඇති අතර, වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 42,961ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10