ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්

දිවයින පුරා මේ දිනවල පවතින වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතටයි.

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ දත්තවලට අනුව වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය තදින් පැතිර යාමේ අවදානමක් මතුව තිබෙනවා.

මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ මෙරටින් හමු වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 67,424ක්. ඔක්තෝබර් මාසයේදී ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 2941ක් හමු වී තිබෙනවා.

මේ දක්වා ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 32,381ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14.204ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 4336ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 13,841ක් වශයෙන් රෝගීන් හඳුනාගෙන තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කය පිළිබඳ අවධානය යොමු කිරීමේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 අතරින් පසුගිය සති 4 දී රෝගීන් වැඩි පිරිසක් වාර්තා වූයේ අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්. එම සංඛ්‍යාව 62 ක්.

දොම්පේ, කැලණිය සහ වත්තල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළින් ද රෝගීන් වාර්තා වී තිබෙනවා.

ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිආරච්චි මහතා කියා සිටියේ මෙම දිස්ත්‍රික්කයේ රෝගීන්ගේ ඉහළ යාමක් පවතින බවයි.

වර්ෂාවත් සමඟ බොහෝ ස්ථානවල ජලය එක් රැස්වීම තුළින් ඩෙංගු මදුරුවන් බෝවීම ඉහළ යමින් පවතින අතර එම තත්ත්වය මත ජනතාව තම නිවස අවට සහ කාර්යාල පාසල් අවට පරිශ්‍ර පිරිසිදු කර ගැනීමට අවදානය යොමු කළ යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10