ඩෙංගු මර්ධනයට වොල්බැකියා මදුරුවන් මුදාහැරීමට සැරසෙයි

ඩෙංගු රෝගීන් බහුලව වාර්තාවන කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මදුරු මර්දනය සඳහා වොල්බැකියා වෛරසය ආසදිත මදුරුවන් මුදාහැරීමට පියවර ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරනවා.

මෙම වැඩපිළිවෙළ පර්යේෂණ මට්ටමින් ක්‍රියාත්මක කරන බවයි එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

පවතින අධි වසංගත තත්ත්වය සැළකිල්ලට ගෙන ඊයේ (07) දිනයේ සිට දිවයින පුරා ඩෙංගු මර්ධන සතියක් ආරම්භ වුණා.

මේ අතර ඩෙංගු මර්ධනය සඳහා මහජනතාවගෙන් ලැබෙන සහාය ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.

සෞඛ්‍ය අංශ පවසන්නේ දිවයින පුරා හදුනාගෙන ඇති ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කොට්ඨාස 71ක් හඳුනාගෙන ඇති බවයි.

ඩෙංගු වර්ධනයවන ස්ථාන පිළිබඳ ජනතාව සැලකිලිමත් නොවන්නේ නම් සෞඛ්‍ය අංශ මඟින් එම ස්ථාන පිරිසිදු කර, ඊට වැයවන මුදල් සේවා ස්ථානය හෝ නිවාස හිමිකරුවන්ගෙන් අයකර ගන්නා බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48
Video thumbnail
අපි ආවේ හිරගෙවල් හදන්න නෙමෙයි - පොහොසත් රටක් හදන්න
03:49
Video thumbnail
රටේ පුරවැසියන්ට රජය කනේ ප#රක් ගැ#හුවා
07:17
Video thumbnail
අජිත් පී පෙරේරා ජනාධිපතිව සැරටම අමතයි
06:36