ඩෙංගු මර්දන සතිය අදින් ඇරඹේ – රෝගීන් කළමනාකරණයට මාර්ගෝපදේශ

ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යාම නිසා, අද (15) දිනයේ සිට දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරනවා.

පොදු ස්ථාන හා අධ්‍යාපන ආයතන ආවරණය කරමින්, එම සතිය එළඹෙන 20 දක්වා එය ක්‍රියාත්මක වනවා.

ඒ අනුව අද (15), හෙට (16) සහ අනිද්දා (17) යන දින තුන තුළ, සියලුම පොදු ස්ථාන කේන්ද්‍ර කරගනිමින් ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා.

ලබන 18 වනදා අධ්‍යාපන ආයතනවල සහ 19 වනදා රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල මෙම ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක බවයි රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පැවසුවේ.

එමෙන්ම නිවාස හා ඒ අවට පරිශ්‍රයන් පිරිසිදු කිරීම, ලබන 20 වනදා සිදු කිරීමට නියමිතයි.

මේ අතර ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීම හේතුවෙන් ඩෙංගු රෝගීන් කළමනාකරණය කිරීම සඳහා වන මාර්ගෝපදේශ වෛද්‍ය ආයතන වෙත නිකුත් කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:48