ඩුබායි හි දී ජනපති ව මහත් හරසරින් පිළිගැනේ (වීඩියෝ)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි දී පෙබරවාරි 11 සිට 13 දක්වා පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුඵව (WGS)- 2025ට සහභාගී වීම සඳහා මෙරටින් බැහැරව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස අද (10) පස්වරුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා වුණා.

එහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි මහතා ඇතුළු රාජ්‍ය නියෝජිතයන් විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මෙම පිළිගැනීමේ අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැඩබලන තානාපති තක්ෂිලා ආර්නෝල්ඩා, ඩුබායි සහ උතුරු එමීරයන් සඳහා වන ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් ඇලෙක්සි ගුණසේකර ඇතුළු ඩුබායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් ද සහභාගි වුණා.

අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි හමුවීමට නියමිතයි.

මෙම හමුවේ දී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආර්ථික හා ආයෝජන සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇති.

අනතුරුව, ජනාධිපතිවරයා ඩුබායිහි පිහිටා ඇති සුප්‍රසිද්ධ අනාගත කෞතුකාගාරයේ (Future Museum) පැවැත්වෙන ‘TIME 100 Gala Dinner’ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වීමට නියමිත ව තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද ජනාධිපතිවරයා සමඟින් මෙම සංචාරයට එක්ව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54