ඩුබායි යන්න ලේසිම පාරක් මෙන්න…

ලංකාවේ ඉන්න බහුතරයකට මේ මොහොත වෙනකොට විදෙස්ගත වෙන්න ලොකු ඕනේකමක් තියන බව නොරහසක්.නමුත් මේ වෙලාවේ එක්වරම වීසා අයදුම්පතක් යොමු කරලා වීසා ගන්න පුලුවන් රටවල් බොහොම අල්පයි.

මොකද බංකොලොත් රටකට වීසා දෙන්න කවුරුත් කැමති නැහැ.ඒ එන අය බොහොම විට අලුත් රටේ දී අනීතිකව රැදී සිටින්න උත්සාහ කරනවා කියන බව රහසක් නෙමෙයි.ඔන්න ඔය හේතු නිසා ඉදිරියේදී කැනඩාව ඔස්ට්‍රේලියාව වගේ රටවලට යන එක ටිකක් විතර අපහසු වෙන්න පුලුවන්.

නමුත් තවමත් ඩුබායි රාජ්‍යයට යන්න මේ බාධාවන් බලපෑමක් වෙලා නැහැ.ලංකාවේ ඉන්න ඕනේම වෘතිකයෙකුට ඩුබායි රාජ්‍යයට තමන් දන්න ක්ශේත්‍රය හරහා ඩුබායි රාජ්‍යයයේ රැකියා අවස්ථාවකට යන්න පුලුවන් කමක් තමත් ඉතිරි වෙලා තියෙනවා.

ඉතින් මේ සම්බන්ධව කතා කරද්දි අපි මුලින්ම මතක් කරන්න ඕනේ වැදගත් දෙයක් තමයි මේ අවස්ථා ගන්න පුලුවන් පුහුණු වෘතිකයෙක්ට.ඒ කියන්නේ ඔයාට යම් වෘතීය සුඳුසුකම්ක් තියෙන්න ඕනේ.හිතූ මනාපෙට ඇප්ලයි කරන්න එපා.එහෙම රස්සාවල් හොයා ගන්න නම් විදෙස් රටවල බැහැ.

මූලික ලියකියවිලි වශයෙන් ඔයාගේ පාස් පෝර්ට් එක තමයි අත්‍යාවශ්‍යම දෙයකට තියෙන්නේ.ඉන් අනතුරුව ඔයාට ඕනේ වෙනවා ඔයාගේ වෘතීය පළපුරුද්ද පෙන්විය හැකි සහතික පත්‍ර වගේම ඔයාගේ දැනට සේවය කරලා තියන් තැන් වලින් ඔබේ සේවය සනාථ කල ලිපි.කෙනෙක්ට ඉතින් තමන් දන්නා කියන තැනකින් වුනත් සේවය සනාථ කරලා ලිපියක් ගන්න පුලුවන්.නමුත් වෘතීය සුදුසුකම් නම් හොර ලියකියවිලි හදන්න එපා.මොකද රස්සාව ලැබුනට පස්සේ කරන්න බැරි වුනොත් අසරන වෙන්නේ ඔයාමයි.

මෙන්න මම පහලින් වෙබ් අඩවි කිහිපයක් සදහන් කරලා තියනවා.මේ වෙබ් අඩවි වලින් ඔයාට කැමති ( පුළුවන් ) ක්ෂේත්‍රයක රැකියාවක් තෝරාගෙන ඒ පුරප්පාඩුවට ඉල්ලුම් කරන්න.ඒ වගේම සේවා යෝජකයාගේ දුරකථන අංක ඊමේල් ලිපිනයන් අරගෙන ඔබට පුලුවන් ඔවුන්ව සම්බන්ධ කරගන්නත්.

https://ae.indeed.com/jobs-in-Dubai?vjk=af73797857f8743c

https://dubaicareers.ae/en/Pages/default.aspx

https://www.naukrigulf.com/jobs-in-dubai

https://sundus.jobs/?gclid=CjwKCAjwgr6TBhAGEiwA3aVuIYJivCdcSyyni4Uwb9QLm3pJM4fQbdTxS-9ht3xShTKCnguN5cJmshoCe1sQAvD_BwE

සමහර අය විසිට් වීසා මාර්ගගෙන් ඩුබායි රාජ්‍යයට ඇතුල් වෙලා ඉන් පසුවත් රැකියාවන් සොයන්න උත්සාහ කරනවා.අන්න ඒ අයටත් හැකියාවක් තියනවා මේ වෙබ් අඩවි උදව් කරගන්න.මේ කාලයේ නම් රුපියල් පන්ස් දහසක් හැට දහසක් අතර මුදලක් ඔබට විසිට් වීසා වලට වැඩ වේවී.රැකියාවක් ලැබුණු පසු ඔබේ වීසා අයදුම්පත එම ආයතනය විසින් වෙනස්කර දෙන නිසා වීසා ගැටලුවක් වෙන්නෙත් නැහැ.

මේ සටහනට පසුව මම රැකියා අවස්ථා කිහිපයක පුරප්පාඩුත් එක් කර තියන්නම් ඔබට පොඩි අවබෝධයක් ලබා ගන්න ඒ පිළිබඳව ,

image
මේ ගුරුවරියක් වෙනුවෙන් තියන පුරප්පාඩුවක්.වැටුප ශ්‍රී ලංකා මුදලින් 669197.01 වගේ වෙනවා කියලා තමයි කියන්නේ
image 1
මේ සේල්ස් මැනේජර් කෙනෙක්ට පුරප්පාඩුවක්
image 2
සොෆ්ට්වෙයා ඉංජිනියර් කෙනෙක්වයි හොයන්නේ….
https://youtu.be/z34wxWzxTaA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
51
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23