ඩිජිටල් පරිවර්තන සඳහා ඩොලර් මිලියන 50ක අරමුදල් සඳහා කැබිනට් අනුමැතිය

2025-2030 ඩිජිටල් ආර්ථික උපායමාර්ග යටතේ වන ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය, ජාතික ප්‍රතිපත්ති ප්‍රමුඛතාවක් වන ඩිජිටල් ක්‍රමවේදයන් තුළින් කාර්යක්ෂමව හා විනිවිද භාවයෙන් යුක්තව රාජ්‍ය සේවා සැපයීම නවීකරණය කිරීම අරමුණු කර ගනිමින් සකස් කර තිබෙනවා.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සහාය ලබා ගැනීම සඳහා පසුගිය ඔක්තොන්බර් 21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබාදෙනු ලැබුවා.

ඒ අනුව ආරම්භ කරන ලද ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකු සමූහයේ සියලුම පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් වූ එකී ව්‍යාපෘතියට ආධාර ලබා ගැනීමට අදාළ ණය සාකච්ඡා මේ වන විට අවසන් කර තිබෙනවා.

එහි දී එළඹි එකඟතාවන් අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ණය පහසුකම ලබා ගන්නා ආයතනය වශයෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ද, ක්‍රියාත්මක කිරීමේ ආයතනය වශයෙන් Gov Tech Sri Lanka ද කටයුතු කරනවා.

ව්‍යාපෘතියට අදාළව ප්‍රතිපත්ති අධීක්ෂණය සහ අන්කර් අමාත්‍යාංශ සම්බන්ධීකරණය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වෙත පැවරී තිබෙනවා.

ඒ අනුව, 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතේ විධිවිධාන යටතේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් නිර්දේශ කරනු ලැබ ඇති මුල්‍ය නියමයන් සහ කොන්දේසි මත පදනම්ව, ලෝක බැංකු සමූහය වෙතින් යෝජිත ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50කට සමාන විශේෂ හර ගැනුම් හිමිකම් (SDR) අරමුදල් සලසා ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59
Video thumbnail
නානුඔය දුම්රිය ස්ථානයේ සංචාරකයින් වෙනුවෙන් කෝපි දන්සලක්
01:13
Video thumbnail
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා..ජනපතිගේ තීරණ නිසා මේක සාර්ථක වුණේ..
06:14
Video thumbnail
රුවන්වැලි මහා සෑය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි
00:32
Video thumbnail
ඔබතුමා හිතාමතා ජනතාව නොමඟ යවනවා..කියන්නේ බොරු..කිසි දෙයක් කරලා නෑ
08:54
Video thumbnail
දින 10ක් වයසැති බිළිඳෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:39
Video thumbnail
මාධ්‍ය හමුවෙදි සීලරතන හිමිට එකපාරම වුණ දේ..කොට්ටහට්ටි නටන කාලෙනේ ඕන එකක් නටාගන්න
06:55
Video thumbnail
නුවරඑළිය හවුස් ෆුල්
01:13
Video thumbnail
Dasatha Vimasuma|ජනතාවගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා..අවු:5කට සැරයක් අපි කෝටිපතියො බිහිකරනවා
03:42