spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට රජය කැපවී සිටින බව ජනපති කියයි

ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන් ප්‍රමුඛ රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කරමින්, ඩිජිටල්කරණය වේගවත් කිරීම රජයට පැවරී ඇති වගකීමක් වන අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති තාක්ෂණ අමාත්‍යාංශය විසින් සංවිධානය කළ “ DIGIECON 2030” එළි දැක්වීමේ අවස්ථාවට එක් වෙමින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව එළිදැක්වූ “ DIGIECON 2030”, ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක්.

තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට සහ ගෝලීය වෙළෙඳපොළ තුළ රටේ තරඟකාරිත්වය වැඩිදියුණු කිරීමට ඩිජිටල් තාක්ෂණයන් සහ නවෝත්පාදන විසඳුම් වැළඳ ගැනීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බැවින් තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහාය ඇතිව ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කර ක්‍රියාත්මක කරනු ඇති.

DIGIECON 2030” මගින් අලුතින් විවිධ ක්ෂේත්‍රවල ආරම්භ වූ නව්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 50 දෙනෙකුට හෝ ඊට වැඩි පිරිසකට ගෝලීය ආයෝජන සහ වෙළඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා වේදිකාවක් සකසනු ලබනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ විශ්වවිද්‍යාල හා අනෙකුත් පර්යේෂණ ආයතන ඒකාබද්ධ කර ඩිජිටල් ප්‍රතිපත්තිය සැලසුම් කිරීම ආරම්භ කිරීම සඳහා මේ වසරේ රුපියල් මිලියන 100ක් වෙන් කරන බවයි.

එසේම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කරමින් පර්යේෂණ සිදු කිරීමට ලබන වසරේදී රුපියල් බිලියනයක් වෙන් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

නාස්ති කිරීමට කාලයක් නොමැති බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අසල්වැසි රාජ්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු අතර ඉතා වේගයෙන් දියුණු වන කලාපයක් ලෙස විශේෂයෙන් දකුණු ඉන්දියාව සමඟ එක්ව කටයුතු කිරීම ශ්‍රී ලංකාවට වාසිදායක බවත් පෙන්වා දෙනු ලැබුවා.

ඉහළ තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කළ හැක්කේ හරිත ආර්ථිකයක් මෙන්ම ඩිජිටල් ආර්ථිකයක් තුළින් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ගෝලීය වශයෙන් තරගකාරී වීමට සහ තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට නව තාක්ෂණයන් සහ නව්‍ය විසඳුම් වැළඳ ගත යුතු බවයි කියාසිටියේ.

එම ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මෙන්ම ශ්‍රී ලංකාව සැබෑ ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම කෙරෙහි රජය අවධානය යොමුකර තිබෙන බව “DIGIECON 2030” විසින් සහතික කරනු ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේ “ DIGIECON 2030” ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන බවයි.

“ DIGIECON 2030” හරහා, සියලුම පාර්ශ්වකරුවන්ට ඩිජිටල් පරිසර පද්ධතියකට පහසුකම් සැලසීම සඳහා රජයේ කැපවීම සහ මඟ පෙන්වීම් ලබා දෙමින් ආයෝජන සඳහා හිතකර ව්‍යාපාරික පරිසරයක් ගොඩ නැඟීමට පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අති නවීන තාක්‍ෂණය භාවිතා කරමින් ඩිජිටල් පරිවර්තනයකට තුඩු දෙන සහ මානව කේන්ද්‍රීය තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් හවුල්කාරිත්වයන් ගවේෂණය කරන ව්‍යාපෘති මාලාවක් වෙනුවෙන් රජය පෙරමුණ ගනු ඇති බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?