spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩැරල්ගේ කර මතින් නවසීලන්ත ඉනිම ගොඩයයි

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය මේ වනවිට ධර්මශාලා හිදී ක්‍රියාත්මකයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය නායකයාගේ ආරාධනයෙන් නවසීලන්තය පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසියා.

ඒ, අනුව නවසීලන්තය නියමිත පන්දුවාර 50 තුල කඩුලු 09ක් දැවී ලකුණු 273ක් සිය ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුණා.

එහිදී නවසීලන්ත පිතිකරු ඩැරල් මිචෙල් සිය එක්දින දිවියේ හොඳම ඉනිම ක්‍රීඩාකරමින් පන්දු 127ක් තුළ ලකුණු 130ක් රැස් කළා.

රචින් රවීන්ද්‍ර නවසීලන්ත ඉනිම වෙනුවෙන් ලකුණු 75ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී මොහොමඩ් ෂාමි නවසීලන්ත ඉනිමේ කඩුලු 05ක් බිඳ දැමූ අතර, කුල්දීප් යාදෙව් කඩුලු 02ක් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 50 තුළ ලකුණු 274ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
4
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?