spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩලස් ඇතුලු පිරිසක් ජවිපෙ මූලස්ථානයට

නිදහස ජනතා සභාවේ නියෝජිතයන් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී අද පැවැත්වුණා.

මෙම සාකච්ඡාවට නිදහස ජනතා සභාව නියෝජනය කරමින් එහි නායක ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, චරිත හේරත් ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පක්ෂ නායක අනුර දිසානායක, විජිත හේරත් මෙන්ම කේ. ඩී. ලාල්කාන්ත ද සාකච්ඡාවට එක්වුණා.

ජනාධිපතිවරයා විසින් මැතිවරණ කල් දැමීම හේතුවෙන් රට පත්ව ඇති තත්වය මෙන්ම විපක්ෂය ඉදිරියේදී මැතිවරණයට මුහුණ දෙන ආකාර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
5
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?