ඩයනා ගමගේ ඇමතිවරිය තවමත් ද්විත්ව පුරවැසියෙක්ද..?

මේ දිවල හැමෝම වගේ කතාවෙන මාතෘකාවක් තමයි ද්විත්ව පුරවැසිභාවය.

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි බව 21 වැනි ව්‍යාවස්ථා සංශෝධනය හරහා යෝජනා වූ අතර එය වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

මේ දවස්වල දේශපාලන වේදිකාවේ හැමතැනම කතා වෙන්නේ කවුද දැන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසියන් කියන කාරණය.

ඒ අතරින් ඩයනා ගමගේ ඇමතිවරියගේ නමද කියවුණා.

කොහොම වුණත් පසුගිය දවසක ඇය මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේ තමන් ද්විත්ව පුරවැසියෙකු නොවන බවයි.

එය එසේ තිබියදී අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට ලබන 10 වැනිදා අධිකරණය හමුවේ පෙනි සිටින්නැයි, දන්වා අද නොතිසි නිකුත් කළා.

ලක්මාල් හේරත් නමැත්තා ගොනු කළ නඩුවක් අද කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය ලබාදුන් අතර එයට හේතුවුණේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය ගැන විමර්ශන සිදුකිරීමට අපොහොසත් වීම හේතුවෙන්.

ඇමතිවරියගේ ජාතික හැදුනුම්පත සහ උප්පැන්න සහතිකය ව්‍යාජ එකක් බවට රාජ්‍ය නිලධාරීන් සාක්ෂි ලබාදී තිබූ අවස්ථාවක ඒ ගැන විමර්ශන නොකිරීම බරපතල රාජකාරී පැහැර හැරීමක් බවයි පැමිණිල්ල වෙනුවෙන් නීතීඥ ගුණරත්න වන්නිනායක අධිකරණයට පෙන්වා දී තිබුණේ.

කොහොම වුණත් මේ වනවිට ඇයගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ ලිපි කිහිපයක් සහ ඇය ද්විත්ව පුරවැසියෙකු බවට සඳහන් කරමින් ඇති ඉල්ලුම්පතක් මගින් නව විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති අයුරු සඳහන් ලිපි කිහිපයක් ලැබී තිබෙනවා.

මේ පිළිබඳව දැනගැනීමට අප ඩයනා ගමගේ ඇමතිවරිය සම්බන්ධ කරගැනීමට අවස්ථා කිහිපයකදී උත්සහ කළත් එය සාර්ථක වුණේ නැහැ.

අදාල ලිපි පහතින්…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26