ඩයනාගේ පෙත්සමට සජිත්ගෙන් මූලික විරෝධතා

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඉදිරිපත් කර තිබෙන පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතු කළා.

මෙම පෙත්සම අද ගාමිණි අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටි සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමගි ජනබලවේගයේ විනය කමිටුවේ සාමාජිකයින් නම් කර නොමැති බව පෙන්වා දුන්නා.

විනය කමිටුවේ සාමාජිකයින් මෙම නඩුවේ අත්‍යවශ්‍ය පාර්ශ්වකරුවන් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඔවුන් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් නොකිරීම බරපතළ දෝෂයක් බවත් සඳහන් කළා.

එම කරුණ මත මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත් එය නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වා සිටියා.

කෙසේ වෙතත් මෙම මූලික විරෝධතාව සම්බන්ධයෙන් නඩු විභාගය අවසානයේ දී සැලකිල්ලට භාජනය කරන බව විනිසුරු මඩුල්ල සඳහන් කළ අතර ඉන්පසුව පෙත්සම්කාර ඩයනා ගමගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා කරුණු ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ලබන 05 වනදා තෙක් කල් තැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09