spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ටොයොටා වාහන නිෂ්පාදනය නවතයි

ජපානයේ ටොයොටා මෝටර් රථ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්ටා කරයි.

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ටොයොටා මෝටර් රථ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් කොටස් සහ ඉලෙක්ට්‍රොනික උපාංග සැපයුම නතර වීම ඊට හේතුවයි.

මේ නිසා මෝටර් රථ 13,000ක් පමණ නිෂ්පාදනය නතර වී ඇති බව වාර්තා වේ.

යුක්රේන ආක්‍රමණයට ප්‍රතිචාර දක්වමින් ජපානය ද රුසියාවට එරෙහි සම්බාධක පැනවීමට තීරණය කළ අතර, මේ නිසා සයිබර් ප්‍රහාරය රුසියානු හැකර්වරුන් විසින් සිදු කරන්නට ඇති බවට විශ්වාස කෙරෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?