ටොංගා දූපත් අසල ප්‍රබල භූමිකම්පාවක්

ටොංගා දූපත් අසල රිච්ටර් මාපකයේ 7.6 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් සුනාමි තර්ජනයක් නොමැති බවයි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය ටොංගා හි නීයාෆු නගරයේ සිට කිලෝමීටර 150 කට වඩා වැඩි දුරකින් සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.

එම ආයතන වැඩිදුරටත් සඳහන් කළේ මෙම භූමිකම්පාව පොළොව මට්ටමේ සිට කිලෝමීටර 238 කට ආසන්න ගැඹුරකින් සිදුව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්