ටෙස්ට් ලෝක ශූරතාවලියේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව නවසීලන්තය බොඳකර දමයි

ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගය තියුණු සටනකින් අනතුරුව කඩුලු 02ක ජයක් හිමිකර ගන්නට සත්කාරක නවසීලන්ත පිළට අද (13) හැකියාව ලැබුණා.

නවසීලන්තය ඉදිරියේ ලද මෙම ගෞරවාන්විත පරාජයත් සමඟ ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරඟයට පිවිසීමට තිබූ බලාපොරොත්තුව ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියා.

ක්‍රයිස්ට්චර්ච් හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගනයේ දී පසුගිය 09 වනදා ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 355ක් රැස් කිරීමට සමත් වුණා.

ඊට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්තය ලකුණු 373ක් පළමු ඉනිමේ ලකුණු පුවරුවට එක් කළා.

නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 18ක් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ල දැවී ලකුණු 302ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ, අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් සත්කාරක නවසීලන්තයට හිමි වූ ඉලක්කය ලකුණු 285ක්.

එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයින්ට තරගයේ අවසන් දිනය වූ අද දිනයේ වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ, හේතුවෙන් තරගය ආරම්භ කෙරුනේ එරට වේලාවෙන් පස්වරු 3.30ටයි.

ප්‍රමාද වී තරගය ආරම්භ කිරීම හේතුවෙන් අවසන් දිනය වූ අද දිනයේ තරගය පන්දුවාර 52ක සීමා කරන්නට සිදු වුණා.

එසේ තිබිය දී අවසන් දිනය වූ අද (13) දිනයේ කේන් විලියම්සන් සහ ඩැරල් මිචෙල් සිව්වන කඩුල්ලට සාර්ථක සම්බන්ධතාවක් ගොඩනඟමින් නවසීලන්තය ජයග්‍රහණයට මාවත සකසා දුන්නා.

ජයග්‍රහණය සඳහා අවසන් පන්දුව තුළ ඒක්‌ ලකුණක් අවශ්‍යව තිබූ අතර, එම ලකුණ අවසන් පන්දුවේදී ලබාගත් නවසීලන්තය මෙම තරගයේ ජය තමන් සතුකර ගත්තා.

එහිදී කේන් විලියම්සන් නොදැවී ලකුණු 121ක් රැස්කරමින් නවසීලන්තය අවසන් මොහොතේ තරගයේ ජයග්‍රහණය කරා රැගෙන යෑමට සිය දායකත්වය ලබාදුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් විය යුතුයි..නාමල් තමන්ගේ පාක්ෂිකයින්ට දුන්න උපදෙස..
03:49
Video thumbnail
අවිධිමත් පාලනය නිසා මාලිමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි..විපක්ෂය නැගිටලා දුන්න සමුදීම කොහොමද ?
14:38
Video thumbnail
ජනාධිපතිතුමනි විදුලි බිලට අත තියන්න එපා..ජනපතිට කරන අන්තිම නිවේදනය මේක
07:24
Video thumbnail
දයාසිරිගේ වරප්‍රසාද ප්‍රශ්නය නිසා පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..ඔයාද රිලා නැටුම් කලේ..අහගන්න එපා
05:07
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කුපිත වෙයි..රට අනුරට කියන්න බෑ..පෙරළන්න වෙන්නේ..
04:21
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි
00:44
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි..කතට සහ පිරිමි පුද්ගලයට තුවාල
01:07
Video thumbnail
සරුවට වැඩුණ ලක්ෂ 3කට අධික මල් කොටුකළ මෙහෙයුම
01:05
Video thumbnail
සරුවට වැඩුණ ලක්ෂ 3කට අධික මල් කොටුකළ මෙහෙයුම..ගංජා ගස් ඔක්කොම අළු කරයි
01:33
Video thumbnail
අපේ මහ බැංකුව බින්දා..මෙයාලා වැඩ පුරුදු වෙනකොට රට ඉවරයි..ආණ්ඩුව අතරමන් වෙලා
01:55